බොහො දෙනෙක් අසන ශ්‍රව්‍යය ලිපි නිමැවුමක් ලෙස mp3 සැලකුවද, එහි නීතිමය ගැටලුවකට තුඩු දී ඇති පේටන්ට්‍ නිති නෙසා නිදහසේ භාවිතා කළ හැක. මෙනිසා නිදහස් මෘදුකාංග කරන උදවිය පේටන්ට් වලින් නිදහස් ogg ශ්‍රව්‍යය ලිපි නිමැවුම දෙස යොමුවීමක් දක්නට ලැබේ. ogg භාවිතයේ දී අත්වන තවත් වාසියක් නම් එය තාක්‍ෂණික ලෙස mp3 වලට වඩා උසස් වීමයි. එනම් අඩු ප්‍රමානයක ඉඩක් ගනිමින් වැඩා ගුනාත්මක ශ්‍රව්‍යය තත්වයක් ලබා ගත හැකි වීමය.

ඉතින් මුලින්ම කියන්න යන්නේ mp3 වල සිට ogg වලට මාරුවන්නේ කෙසේද යන්න ගැනයි. ඒ සඳහා oggenc විධානය යොදා ගත හැක. එය නැතිනම් පහසුවෙන්ම ස්ථාපිත කර ගත හැක.

# apt-get install vorbis-tools

මුලින් mp3 එක wav බවට පත් කළ යුතුය
$ mpg123 file.mp3 -w file.wav

ඉන් පසුව wav එක ogg බවට පත් කළ හැක.
$ oggenc -o file.ogg file.wav

තවත් පහසු ක්‍රමයක් නම් mp32ogg පැකේජය ස්ථාපිත කර ගැනීම.

# apt-get install mp32ogg
$ mp32ogg file.mp3 file.ogg

දැන් ඉතින් ogg අසන්නට ක්‍රම කිහිපයක් තිබේ. Commandline එකෙන්නම් කරන්නෙ

$ ogg123 file.ogg

ogg පිළිබඳ වැඩි විස්තර සඳහා මෙම ලිපිය බලන්න.

ලිනක්ස් විධාන රේඛාවේ ‘අ’ යන්න පෙරදී කිව්වා මතක ඇති. තාම හරියට කියා ගන්න බැරි නම් තව පුහුණු වලා එන්න. පුළුවන් උදවියට මෙන්න ‘ආ’ යන්න.

විශේෂ දෙයක් පළමුවෙන්…cp,cd,mv කරන විට දීර්ඝ පෙත්(path) නම් යතුරු කරන්නට(type) වීම මහා කරදරයක්. එය මග හරවන මහා ඔත්තුව මෙන්න.
ඔබ යතුරු කර ගෙන යන විට යතුරු පුවරුවේ TAB යතුර තද කරන්න ඔබ ඒ වන විට ඇතුළත් කර ඇතී පෙත් නම සම් පූර්ණ වනු ඇත. මෙය පුරුදු වූ විට මහා පහසුවක් ගෙන දේවි.

පරිගණකයේ නිදහස් ඉඩ(free disk space) බලා ගැනීමට..
$ df -h

ඔබට අවශ්‍ය ධාවකයේ ඉඩ බලා ගැනීමට නම්
$ df /path_to_drive

මෙහි /path_to_drive යනු අවශ්‍ය ධාවකය මවුන්ට් වී ඇති කවරයයි(directory)
උදා: df /media/hda1

පරිගණක සකසනයේ(processor) විස්තර බලා ගැනීමට..
$ cat /proc/cpuinfo

එමෙන්ම මතක විස්තර බලා ගැනීමට..
$ cat /proc/meminfo

පරිගණකයේ දැනට ධාවනය වන වැඩසතහන් වල තොරතුරු බලා ගැනීමට..
$ ps -aux

මතක භාවිතය අනුව වැඩසටහන් පෙළ ගැස්වීමට..
$ top

පරිගණකය ප්‍රතිපණ ගැන්වීමට..
පළමුව රූට් (root) පරිශීලක වන්න
$ su – යොදා රහස් වචනය දෙන්න
පසුව
# reboot

පරිගණකය වසා දැමීමට..
පළමුව රූට් (root) පරිශීලක වන්න
$ su – යොදා රහස් වචනය දෙන්න
පසුව
# halt

වැහුව නේද? දැන් මොනව කරන්නද? පසුව හමු වෙමු!

19
Apr

මිනිසාගෙන් උදව්

   Posted by: bud   in Blog

යුනික්ස් භාවිතයේදී commandline එකේ බොහෙො විධානයන් ඇත. ඒවා භාවිතා කරන අයුරු දැනගැනීමට ඇති වැදගත් විධානයක් නම් man ය. man ගෙන් විධානයක් ගැන ඇසිය හැක.

$ man ls
$ man cp
$ man man

මෙහි අන්තිම උදාහරණයෙන් දැක්වෙන්නේ man විධානය භාවිතා කරන ආකරය පැහැදිලි කිරීම man විසින්ම ඇසීමයි.

man චලට අමතරව info මගින් ද ඇතම් විධාන ගැන උදව් ලබා ගත හැකිය. සාමන්‍යයෙන් man වලට වඩා තේරුම් ගැනීමට පහසු ආකාරයකින් info පිටු ලියා ඇත.

$ info ls
ඔබට යම් කාර්‍යක් කිරීමට අචශ්‍ය විධානය නොදැන්නේ නම් එය man දත්ත ගබඩාවෙන් සොයා ගැනීමට apropos යොදා ගත හැකිය.

$ apropos copy

19
Apr

Swap file සැදීම

   Posted by: bud   in Blog

වින්ඩෙොස් වල pagefile.sys මෙන් නොව ලිනක්ස් චල සාමන්‍යයෙන් භාවිතා කරන්නේ swap partition නම් වෙනමම දෘඩුකාංග බෙදුමකි. නමුත් ඔබට එවැනි ස්තීර දෘඩුකාංග බෙදුමකි වෙන් කළ නොහැකිනම්, වින්ඩොස් වල මෙන් ලිනක්ස් වලද swap file එකක් සාදා ගත හැකිය.

මේසඳහා මුලින්ම අවශ්‍ය පමනක ඉඩැති හිස් ලිපියක් සාදා ගනිමු.
# dd if=/dev/zero of=/swapfile.img bs=1G count=1

ඉහත විධානයෙන් 1GB ලිපියක් සෑදෙනු ඇත. ඉන් පසු එය swap file එකක් ලෙස format කළ යුතුය.
# mkswap /swapfile.img

අවසාන වශයෙන් swap භාවිතය ආරම්භ කළ යුතුය.
# swapon /swapfile.img

මෙය පරිගනකය පටන් ගැනීමෙදි ඉබේම සිදුකිරීමට නම් /etc/fstab තුලට ඇතුලත් කළ යුතුය.

# vi /etc/fstab

/swapfile.img    none    swap    sw    0    0

අපි දැන් කියලා දෙන්න හදන්නේ ubuntu CD තැටියක ඇති දත්ත සියල්ල USB ධාවකයකට පිටපත් කිරීමෙන් එම USB ධාවකය Ubuntu boot කල හැකි අකාරයට පත්‍ කරන හැටියි මෙවැනි ubuntu USB ධාවකයක් භාවිතයෙන් CD ධාවකයක් නොමැති පරිගණකයක ලිනක්ස් ස්ථාපනය කල හැකියි.

මෙ සඳහා අපට ලිනක්ස් සථාපිත පරිගණකයක්‍ අවශ්‍ය වෙනවා ඒ වගෙම අවශ්‍ය ubuntu සීඩී තැටියක ISO image එකක්ද අවශ්‍ය වෙනවා එය ඔබට මෙතැනින් ලබාගත හැකියි.

තවද ඔබට “vmlinux” හා “initrd.gz” යන ගොනු දෙකද මේ සඳහා අවශ්‍ය වනවා.

දැන් ඔබ කල යුත්තේ ඔබ ලබාගත් ISO file එක දිගහැර එ තුල ඇති “isolinux” නැමැති ගොනුව USB
ධාවකය තුලට පිටපත්‍ කිරීමයි.

ඉන්පසු එම isolinux ගොනුව syslinux ලෙසට ප්‍රතිනාම(rename) කරන්න. දැන් syslinux ගොනුව(folder) අතුලට ගොස් ඒතුල ඇති isolinux.cfg ලිපිය syslinux.cfg බවට ප්‍රතිනාම කරන්න.

දැන් ඔබ කල යුත්තේ cfdisk භාවිතයෙන් USB ධාවකය bootable කිරීමයි.
දැන් sudo aptitude install syslinux යන විධානය භාවිතයෙන් syslinux සස්ථාපනය කරන්න.

දැන් sudo syslinux /dev/sdbX විධානය භාවිතයෙන් USB ධාවකය මත boot

sector එක ස්ථපනය කරන්න. (මෙහි sdbX යනු USBධාවකයයි)
අචසන් වශයෙන් උබුන්ටු CD image එක(iso file එක) USB ධාවකය තුලට පිටපත් කරන්න.

දැන් ඔබේ ubuntu ලිනක්ස් සිථාපිත USB ධාවකය සූදානම් :)

Page 13 of 21« First...1112131415...20...Last »