බොහො දෙනෙක් අසන ශ්‍රව්‍යය ලිපි නිමැවුමක් ලෙස mp3 සැලකුවද, එහි නීතිමය ගැටලුවකට තුඩු දී ඇති පේටන්ට්‍ නිති නෙසා නිදහසේ භාවිතා කළ හැක. මෙනිසා නිදහස් මෘදුකාංග කරන උදවිය පේටන්ට් වලින් නිදහස් ogg ශ්‍රව්‍යය ලිපි නිමැවුම දෙස යොමුවීමක් දක්නට ලැබේ. ogg භාවිතයේ දී අත්වන තවත් වාසියක් නම් එය තාක්‍ෂණික ලෙස mp3 වලට වඩා උසස් වීමයි. එනම් අඩු ප්‍රමානයක ඉඩක් ගනිමින් වැඩා ගුනාත්මක ශ්‍රව්‍යය තත්වයක් ලබා ගත හැකි වීමය.

ඉතින් මුලින්ම කියන්න යන්නේ mp3 වල සිට ogg වලට මාරුවන්නේ කෙසේද යන්න ගැනයි. ඒ සඳහා oggenc විධානය යොදා ගත හැක. එය නැතිනම් පහසුවෙන්ම ස්ථාපිත කර ගත හැක.

# apt-get install vorbis-tools

මුලින් mp3 එක wav බවට පත් කළ යුතුය
$ mpg123 file.mp3 -w file.wav

ඉන් පසුව wav එක ogg බවට පත් කළ හැක.
$ oggenc -o file.ogg file.wav

තවත් පහසු ක්‍රමයක් නම් mp32ogg පැකේජය ස්ථාපිත කර ගැනීම.

# apt-get install mp32ogg
$ mp32ogg file.mp3 file.ogg

දැන් ඉතින් ogg අසන්නට ක්‍රම කිහිපයක් තිබේ. Commandline එකෙන්නම් කරන්නෙ

$ ogg123 file.ogg

ogg පිළිබඳ වැඩි විස්තර සඳහා මෙම ලිපිය බලන්න.

This entry was posted on Saturday, April 19th, 2008 at 6:56 pm and is filed under Blog. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

One comment

 1 

nice work, bro

May 8th, 2008 at 1:23 pm

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment