අළුතින් ග්නූ/ලිනක්ස් වලට එන අය හිතන්නෙ විධායක රේඛාව යකෙක් කියල නේද? ඒත් කලක් ලිනක්ස් භාවිත කරන අය වඩාත් කැමති විධායක රේඛාවට. හේතුව…?

හේතුව ඒක වෙනස්, ඒක වේගවත්. බොරු කියල හිතෙනව නම් කරලම බලන්නකෝ. දැන් කියල දෙන්නම් මූලිකම විධාන ටික.

ගොනු(files)/නාමාවලි(directories/folders) බලා ගැනීමට : ls

විධාන රේඛාවේ සිට ls යොදා බලන්න. ඔබ සිටින නාමාවලිය තුළ ඇති ගොනු/නාමාවලි සියල්ල පෙන්වයි.
ls -al මගින් වඩා විස්තරාත්මක ලැයිස්තුවක් පෙන්වයි.

ඔබ සිටින නාමාවලිය බලා ගැනීමට pwd යොදන්න. මෙහි අරුත print working directory යන්නයි.

ඔබ සිටින නාමාවලිය වෙනස් කිරීමට
cd /path_to_directory

මෙහි /path_to_directory යනු ඔබට යාමට අවශ්‍ය නාමාවලියේ පෙතයී. ඔබ සිටින නාමාවලිය තුළ ඇති වෙනත් නාමාවලියකට යාමට නම් මුලට / නොයොදා නාමාවලි පෙත ලබා දිය හැක.

mkdir විධානයෙන් ඔබට නව නාමාවලියක් සෑදිය හැකියි. මෙය make directory යන්නෙහි කෙටි යෙදුමයි.
mkdir

/directory_path යනු නව නාමාවලියෙහි පෙතයි.

උදා: mkdir newdir – ඔබ සිටින තැනම නව නාමාවලිය සාදයි.
mkdir newdir/foss – පෙර සෑදූ නාමාවලිය තුළ නව නාමාවලිය සාදයි.

touch විධානය මගින් නව ගොනුව්ක් සෑදිය හැක.

උදා: touch newfile.txt
touch newdir/newfile.txt

ගොනු සහ නාමාවලි පිටපත් කිරීම: cp – copy යන්නෙහි කෙටි යෙදුමයි.
cp /path_to_file /path_to_paste

මෙහි /path_to_file යනු පිටපත් කිරීමට අවශ්‍ය ගොනුවේ පෙතයි. /path_to_paste යනු පිටපත් විය යුතු නාමාවලියේ පෙතයි.

ගොනු පිටපත් කිරීමේදී සුළු වෙනසක් කළ යුතු අවස්ථා ඇත. ඒ පහත ලෙසය.
cp -R /path_to_directory /path_to_paste

පිටපත් කරන නාමාවලිය තුළ තවත් නාමාවලි ඇත්නම් මෙසේ කළ යුතු වෙයි.

ගොනු සහ නාමාවලි තැන් මාරු කිරීම: mv – move යන්නෙහි කෙටි යෙදුමයි.
mv /path_to_file /path_to_paste
mv -R /path_to_directory /path_to_paste

මෙහි සිද්ධාන්තයද cp හි සිද්ධාන්තයට සමානය.

mv මගින් ගොනු සහ නාමාවලි නම් වෙනස් කිරීම.
mv /path_to_file /same_path_with_new_name
mv -R /path_to_directory /same_path_with_new_name

පෙර පරිදිමය. එකම පෙත වෙනස් විය යුතු ගොනු/නාමාවලි නම සමග යෙදිය යුතුය.

මෙම මූලික කරුණු හොඳින් ප්‍රගුණ කරන්න.

This entry was posted on Saturday, April 19th, 2008 at 2:43 am and is filed under Blog. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

One comment

 1 

[…] මතක ඇති. තාම හරියට කියා ගන්න බැරි නම් තව පුහුණු වලා එන්න. පුළුවන් උදවියට මෙන්න ‘ආ’ […]

April 19th, 2008 at 6:17 pm

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment