Archive for June, 2008

මෙම podcast එක නිකුත් කිරීම ප්‍රමාද වීම ගැන අපි කණගාටුව පලකරමු.

මෙම මල් හතේ podcast එකෙන් අපි Linux අඟගරු ලෝකයට යැවීම ගැනද, මෙන්න තවත් OOXML එකට රජයක් විරුද්ධ වීමේ ප්‍රවෘතියක් ගැනද, පොහොසත් රටක් පවා සල්ලි ඉතුරු කර ගැනීමට Open Office යොදා ගැනීම ගැනද, M$ ඔවුන්ගේ Silverlight නැමති තාක්‍ෂණය Ruby on Rails (ROR) සමග වැඩකිරීමට යෑම ගැනද, Acer වෙතින් එළි දැක්වීමට නියමිත නවතම EEEPC වැනි Notebook එක ගැනද තොරතුරු ගෙන එමු.

ඉන් පසු අපි ඉදිරියෙන් ඇති OLPC එක ගැන (ඔව් ඇත්තටම), තොරතුරු සහ අදහස් ගෙන ඒමට බලාපොරොත්තු වෙමු. ලබන episode එකෙන් අපි මහ ඔය ප්‍රදේශයේ පැසැලක සිට ලමුන් සමග OLPC එක අත්හදා බැලූ අකාරය සහ ඔවුන්ගේ අදහස් ගෙන ඒමට බලාපොරොත්තු වෙමු.

Show Notes (ශෝ සටහන්)

The Code

මෙවර episode 6 වෙතින් අපි ප්‍රවෘති අඩුවෙන්ද, විශේෂාංග වැඩියෙන්ද ගෙන එමු. ඒ අතර පොඩි Laptop වල අනාගතය ගැන Intel CEO ගේ අදහස් ගැනද, Fedora ප්‍රජාවා Ubuntu ලගේ නවතම ඉල්ලීමට දුන් පිළිතුරු ගැනද, ලිනක්ස් දැන්වත් Desktop එකට සූදානම් ද යන්න ගැනද, සුපුරුදු ලෙස අපි අදහස් පලකරමු.

ඉන්පසු අපි FOSS ලිවීමේදී භාවිතා වන භාෂා (FOSS Programming launguages) ගැන අපේ අත්දැකීම සහ අදහස් සහිත කෙටි හැදින් වීමක් කර අවසාන වශයෙන්, ඉතා විනෝදාත්මක පරිගනක ක්‍රීඩාවක් වන Frets-on-Fire නැමති ගිටර් ක්‍රීඩාව හදුනා ගනිමු.

Show Notes (ශෝ සටහන්)