kill
සමහර වෙලාවට එහෙම කරන්න වෙනවා. ලිනක්ස් වල වැඩ කරගෙන යනකොට වසා දමන්න බැරි මෘදුකාංග මර්ධනයට බෙහෙත මෙන්න.
පළමුව විධාන රේඛාව තුළ පහත පරිදි දක්වන්න.
$ pgrep -f programme_name

මෙහි programme_name යනු ඔබට වදයක්ව ඇති වැඩසටහනේ නාමයයි. මෙසේ කළ විට ඔබට අදාල වැඩසටහනේ සැකසුම් කේත අංකය(Process ID) ලැබේ.

$ kill 6666

මෙහි 6666 වෙනුවට යෙදිය යුත්තේ වැඩසටහනේ සැකසුම් කේත අංකයයි.

එකත් හරියන්නෙ නැත්නම්‍

$ kill -9 6666

දැන් තේරෙනව නේද වැඩසටහන හිර වුනාට පරිගණකයේ බලය විසන්ධි කරන්න (power off), ප්‍රති පණ ගන්වන්න(restart) ඕන නෑ කියලා?

මෙන්න kill -9 සම්බන්ධ ගීතයක්.
අන්ත්‍රාවයි: ඉංග්‍රීසි එෆ් වචනය භාවිතා වේ!

මේ කින්න යන්නේ Bluetooth තාක්‍ෂණය යෙොදා ගත් යතුරු පුවරු සහ මවුසයන්, ග්නූ/ලිනක්ස් තුලින් භාවිතා කරන්නේ කෙසේද යන්න ගැනයි. මෙහිදී bluetooth ඔබේ පරිගණකයේ ලිනක්ස් යටතේ වැඩ කරනවා ඇතයි අපි උපකල්පනය කරමු.

මුලින්ම X-windows තුල bluetooth icon, system tray එකේ ඇත්දැයි බලන්න. නැතිනම් bluetooth-icon ඇති පැකේජය ස්ථාපිත කරන්න.

$ bluetooth-icon

ඉන් පසු ඔබේ bluetooth සැකසුම් ලිපියේ (configuration file) HIDD තිබේ දැයි බල්න.

# vi /etc/default/bluetooth
HIDD_ENABLED=1

# /etc/init.d/bluetooth restart

දැන් ඔබ අවට ඇති bluetooth උපකරණ සුපිරික්සීම පහත දැක්වෙන අන්දමින් කළ හැක.
$ sudo hidd –search

Searching …
Connecting to device 00:1E:52:D0:A6:56

එවිට bluetooth-icon එක මහින් ඔබෙන් රහසිගත යතුර (passkey) pop-up එකක් මර්ගයෙන් ඇසනු ඇත. එය සාර්තකව ලබා දුන් විට යතුරු පුවරු හො මවුසයට සම්බන්ධ වනු ඇත.

මෙම ක්‍රියාවලිය ඊලඟ වර පරිගනකය පටන් ගත් විට ඉබේම කිරීමට නම් පහත අන්දමින් ඇතුලත් කරන්න.

vi /etc/bluetooth/hcid.conf

device 00:1D:4F:A6:A9:D8 {
name “Apple Wireless Keyboard”
auth enable;
encrypt enable;
}

device 00:1E:52:D0:A6:56 {
name “Mighty Mouse”
auth enable;
encrypt enable;
}

ඊ-මේල් කරන කොට, ෆ්ලෑශ් ධාවකයෙ ඉඩ මදි වුනාම ලොකු ගොනු ගෙනියන්න ඕන වෙන මන්තරයක් මේක.

$ split -a 2 -b 10m /path_to_input_file /path_to_output_files

$ split -a 2 -b 640m /tmp/dvdrip.iso /tmp

split විධානයෙන් ලේසියෙන වැඩේ කර ගන්න පුලුවන්. 10m කියන්නෙ ගොනුවෙ ප්‍රමාණය, ඒකට ඔබ කැමති ප්‍රමාණයක් භාවිත කළ හැකියි.
/path_to_file කියන්නෙ ඔබට කඩන්න අවශ්‍ය ගොනුවෙහි පෙතයි(path)

/path_to_output_files කියන්නෙ කැඩූ ගොනු සුරකින(save) ස්ථානයයි.

“කඩා ගත්ත වගේ නෙමෙයි ඕව අලවන්න ගියාම” කියල හිතුනද? ඒකත් අමාරු නෑ, මේ වැඩේදි නම්. කරන්නෙ මෙහෙමයි.
$ cat /path_to_fileaa /path_to_fileab > outputfile

$ cat /tmp/aa /tmp/ab /tmp/ac > dvdrip.iso

…. ලෙස පිළිවෙලින් cat කළ යුතු ගොනු වල නම් දෙන්න. කම්මැලි නම් /path_to_file* ලෙස දෙන්න.

මේ දිනවල ෆැෂැන් එකක් බවට පත් වී ඇති 802.11b/g/n, එනම් වයර් නැති ජාල (wireless networking) බෙොහො ප්‍රසිද්ධ ස්තාන වල දැක බලා ගත හැකිය. wireless hot spot කයන මෙවට commandline මගින් ලිනක්ස් වලින් සම්බන්ධ වන හැටි කියන්නයි මේ හදන්නෙ.

මුලින්ම ඔබේ ජාල අතුරු මුහුනත් (network interfaces) වලින් wireless එක සොයා ගත යුතුය.

# iwconfig

lo        no wireless extensions.
eth0      no wireless extensions.
eth1      IEEE 802.11b/g  ESSID:””  Nickname:”zd1211″

ඔබ අවට ඇති wireless hot spots පිළිබඳ දත්ත ගුවන සුපිරික්සීම (scanning) ට
# iwlist eth1 scan

දැන් wireless රූටරයට (router) සම්බන්ධ වීමට එහි essid එක සහ රහසිගත WEP key එක අවශ්‍ය වේ. එමගින්
# iwconfig eth1 essid wonderland mode Managed key ABCDEFG

සම්බන්ධය සාර්තක වුනේනම් iwconfig මගින් එය දැන ගත හැක.
# iwconfig
eth1      IEEE 802.11b/g  ESSID:”wonderland”  Nickname:”zd1211″
Mode:Managed  Frequency:2.417 GHz  Access Point: 00:22:A1:0E:37:A1
Bit Rate=24 Mb/s
Link Quality=92/100  Signal level=37/100

දැන් ඉතින් සාමන්‍ය ජාල සැකසීමක් ලෙස ip address එකක් ලබ දිය හැක.

වින්ඩෝස් එක්ස්.පී.යන්නෙ ඉබි ගමනින්ද? විස්ටා දාන එක හීනයක්ද? පරිගණකය විසි කරන්න වෙලාද? හෝව්! හෝව්!! හෝව්!!!

ග්නූ/ලිනක්ස් වලට පිං සිද්ධ වෙන්න දැන්ම ඕක විසි කරන්න ඕන නෑ. ගැලපෙන ලිනක්ස් පද්ධතියක් තියේ නම් තව කාලයක් ඕක දුවන්න පුළුවන්. ඒ වගේ ලිනක්ස් පද්ධති කිහිපයක් ගැන කියන්නයි මේ හදන්නෙ.  මේ කියන ඒවා නම් ගොඩක් පරණ පරිගණක වලට හොඳයි. වින්ඩෝස් දුවන්න බැරි වුනාට අළුත් ලිනක්ස් පද්ධති බොහෝ විට හොඳට දුවයි.

Damn Small Linux.
ඩෑම් ස්මෝල් ලිනක්ස් කියන්නෙ ගොඩාක් බරින් අඩු ලිනක්ස් පද්ධතියක්. මුළු ප්‍රමාණය 50MB විතර ඇති. එය ගොඩක් ලස්සන නැති වුනත් පරණ පරිගණකයකට ඉතා හොඳයි. එහි අතුරු මුහුණතට
හුරු වීමට නවකයකුට තරමක් කල් ගියත් එය ප්‍රශස්ථයි. මෙය knoppix liniux පාදක කොට තැනූවක්.

Puppy Linux.
පපි ලිනක්ස්ද ඩෑම් ස්මෝල් ලිනක්ස් වලට ඉතා සමීපයි. එහි වෙනස එය මුල සිට ගොඩ නගා ඇති Linux From Scratch ආකාරයේ එකක් වීමයි.

Xubuntu
උබුන්ටු දැන් කවුරුත් දන්නා ජනප්‍රිය මෙහෙයුම් පද්ධතියක්. එහි බරින් අඩු සංස්කරණයක් තමයි Xubuntu. එහි XFCE නමැති සැහැල්ලු වින්ඩෝ කළමනාකරු භවිත කර තිබෙනවා.

E-live
ඕබේ පරණ පරිගණකයේ RAM මතකය 128MB ට වැඩි නම් මෙන්න කියාපු බඩුව. එය ඉතාම ලස්සනයි. එය ආරම්භ වන විට 128MB ට අඩු නම් ප්‍රමාණවත් නොවන බව කිවූවත් ඒ බොරු.
එහි Enlightenment නම් වින්ඩෝ කළමනාකරු භාවිත කර තිබෙනවා. මගේ මිතුරන් කිහිප දෙනෙකුගේම පැරණි පරිගණක වල මම මෙය පිහිටුවා තිබෙනවා. ඒවා ඉතා හොඳින් වැඩ.

ඉහත සඳහන් කළේ මෙවන් ලිනක්ස් පද්ධති කිහිපයක්. තවත් ඒවා සොයා ගන්න මෙය කියවන්න. ඉදිරියටත් අප හා රැඳී සිටින්න.

Page 14 of 21« First...1213141516...20...Last »