19
Apr

Swap file සැදීම

   Posted by: bud   in Blog

වින්ඩෙොස් වල pagefile.sys මෙන් නොව ලිනක්ස් චල සාමන්‍යයෙන් භාවිතා කරන්නේ swap partition නම් වෙනමම දෘඩුකාංග බෙදුමකි. නමුත් ඔබට එවැනි ස්තීර දෘඩුකාංග බෙදුමකි වෙන් කළ නොහැකිනම්, වින්ඩොස් වල මෙන් ලිනක්ස් වලද swap file එකක් සාදා ගත හැකිය.

මේසඳහා මුලින්ම අවශ්‍ය පමනක ඉඩැති හිස් ලිපියක් සාදා ගනිමු.
# dd if=/dev/zero of=/swapfile.img bs=1G count=1

ඉහත විධානයෙන් 1GB ලිපියක් සෑදෙනු ඇත. ඉන් පසු එය swap file එකක් ලෙස format කළ යුතුය.
# mkswap /swapfile.img

අවසාන වශයෙන් swap භාවිතය ආරම්භ කළ යුතුය.
# swapon /swapfile.img

මෙය පරිගනකය පටන් ගැනීමෙදි ඉබේම සිදුකිරීමට නම් /etc/fstab තුලට ඇතුලත් කළ යුතුය.

# vi /etc/fstab

/swapfile.img    none    swap    sw    0    0

This entry was posted on Saturday, April 19th, 2008 at 5:40 pm and is filed under Blog. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment