Archive for August, 2010

ඔබගේ ආදරණීය සිංහලෙන් ෆොස් වෙතින් මෙවර ඔබ වෙත Oracle – Google ඇවිලෙන ගිණි දැල්, Google අන්තරජාල පාලන තැත, Open Solaris ඝාතනය, Firefox 4 නව තතු, $35 tablet නව තතු සහ OLPC නිර්මාතෘ ඊට සහය දැක්වීම, ලොව ප්‍රථම සාර්ථක නිදහස් GSM මෘදුකාංග කට්ටලය, මෙවර LinuxCon පිළිබඳ විස්තර සමාලෝචනයක්, Fedora 14 විස්තර, Nero4 විසින් linux වෙත දෙන blue ray දායාදය, Debian Live, Triple boot tablet, Asus tablet, Gnome shell ඇතුළු ප්‍රවෘත්ති රැසක් ගෙන එමු.

මෙවර විශේෂාංග ලෙස ඔබ වෙත කලකට පසු සම්මුඛ සාකච්ඡාවක් ගෙන එන්නේ ශ්‍රී ලාංකික නව නිදහස් මෘදුකාංගයක් වන ‘දැලිස’ පිළිබඳවයි. මේ සඳහා එම ව්‍යාපෘතියේ ප්‍රධාන ඉන්ජිනේරු වත්සල විතානගේ මහතා අප හා එක් වේ.

(Credits: secretlondon123 | Rob Shenk )

යොමු සටහන් (Show Notes)

Feature

11
Aug

Podcast Episode 41: App Launchers

   Posted by: chanux   in Podcast

කලකට පසු වෙලාවට එන සිංහලෙන් ෆොස් වෙතින් ඔබ වෙතට, Debian squeeze code freeze ඇතුළු නව තොරතුරු, GPL ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක්, විවෘත මෘදුකාංග වලට උදා වූ හොඳ කල පිළිබඳ කතා බහක්, කැනොනිකල් හා මොසිල්ලා හඳුන්වා දෙන අසතුටුදායක විශේෂාංග (වැඩිය බය වෙන්න එපා 😉 ), ලිනක්ස් නවතම කර්නලය 2.6.35 පිළිබඳ තොරතුරු, ලිනක්ස් ගේම්ස් ලොවේ නවතම තතු, illumos යථාර්ථයක් වීම, ලිනක්ස් portable apps ආදී ප්‍රවෘත්ති ගෙන එමු.

මෙවර විශේෂංග ලෙස ලිනක්ස් සඳහා වන app launchers පිළිබඳ විස්තර ගෙන එන්නෙමු.

(credits: MethodDan | David Seigel | private miguev)

යොමු සටහන් (Show Notes)

විශේෂාංගය – App Launchers

  • Gnome-do (available on Ubuntu/Fedora repos)
  • dmenu setup (Ubuntu) (available on fedora repos too)
  • wbar (available on ubuntu repos)
  • Katapault

සසම්භාවීව ඔබ වෙත එන සිංහලෙන් ෆොස් දිගු නිහැඬියාව බිඳ නැවතත් ඔබ වෙතට.

මෙවර අපෙන් ඔබට, නිදහ්ස් මෘදුකාංග මාවතට පැමිණුනු පරිගණක ක්‍රීඩා, ලිනක්ස් පරිශීලකයන්ගේ ත්‍යාගශීලී බව, $35 ඉන්දීය tablet පරිගණකය, නිදහස්/විවෘත මෘදුකාංග සඳහා ඔරකල් සමාගමේ කුඩම්මාගේ සැලකිලි, කැනොනිකල්, රෙඩ් හැට් සමාගම් වල ග්නෝම් දායකත්ව ගැටළුව, ගූග්ල් නෙකසස් මැරීම අතුළු ප්‍රවෘත්ති ගෙන එන අතර පසුගියදා සැමරුණු system administrators day සහ refresh colombo වැඩසටහන් පිළිබඳ තොරතුරු ගෙන එමු. මෙවර විශේෂාංගය ලෙස SE Linux (Security Enhanced Linux) පිළිබඳ හැඳින්වීමක් ගෙන එන අතර වැඩසටහන අවසන විශේෂ හඳුන්වාදීම් දෙකක්ද ඔබ වෙත ගෙන එන්නෙමු.
sun-rip-2010

යොමු සටහන් (Show Notes)

Features

End Shoutout