Archive for April, 2008

පළමුවන වැඩසටහනින්‍ අපි මෙය “01” වන්නේ “ඇයි ද?” කියමු. ඉන්පසු, පසු ගිය දෙසතිය තුල පලවූ ප්‍රවෘත්ති අතරන් Google App Engine ගැන ද, HP ලගෙ EEEPC පරද්දන්න හදපු Notebook ගැන ද, Microsoft ලගෙ Open Source දිනය ගැන ද, ස්විස්තලන්තයේ ඉස්කෙොල වල Ubuntu දෑම ගැනද, යුරෙොපීය ආන්ඩු ලිනක්ස් අත්හදා බැලීමට යන බව ද, OOXML සම්මුතිය ISO විසින් Microsoft ගෙන් ඉවතට ගෙනයාම ගැනද, මෙ හැර වෙනත් ප්‍රවෘත්ති ගැනද සුපුරුදු ලෙස අපි අදහස් ප්‍රකාශ කරමු.

ඉන් පසු අපි වෙසෙස් ආයතනයේ ලක්ශාන් සහ ලක්නාත් සමග ඔවුන්ගේ පරිගනක OS, අනිකුත් උපකාරී මෙවලම්, වෙබ් තාක්‍ෂණ සහ ඔවුන්ගෙ වැඩ, කිඩ ගැන සුහද පිළිසඳරක යෙදෙමු.

Show Notes (ශො සටහන්)

19
Apr

LAMP ස්ථාපිත කිරීම

   Posted by: bud   in Blog

ලෑම්ප් වෙබ් අඩවි නිපදවීමෙදී ඉතා ජනප්‍රිය විසඳුමක් ලෙස සැලකේ. LAMP යනු Linux (ලිනක්ස්), Apache (අපැචි වෙබ් සවරය), MySQL (මයි එස්කියු ඇල් දත්ත ගබඩා සවරය) සහ PHP භෂාව යන දේ කෙටි කිරීමකි.

ඉතින් LAMP Debian හො Ubuntu වල ස්ථාපිත කිරීමට මෙ දේ කල යුතුය

# apt-get install apache2
# apt-get install php5 libapache2-mod-php5
# apt-get install mysql-server

එච්චරයි! වෙබ් අඩවිය නැවතත් ආරම්භ කරන්න
/etc/init.d/apache2 restart

ඔයාලා ගොඩක් අය දන්නවානේ twitter? අපි කරන වැඩ ගැන යාළුවන් දැනුවත් කරන්න පුලුවන් නියම ක්‍රමයක් තමයි twitter කියන්නේ. Web එකේ විතරක් නෙමේ twitter අපිට අපෙ ජංගම දුරකථන එක්කත් භාවිතා කරන්න පුලුවන් හරිම විනෝදජනක දෙයක්.

අපි එදිනෙදා කරන වැඩ twitter කරන්නේ එක්කෝ http://twitter.com එකට බ්‍රවුසර් එකෙන් ගිහිල්ලා නැත්නම් අපේ දුරකථනයෙන SMS එකක් යවලා නේ. හැබැයි අද අපි කරන්න හදන්නේ ඒ එකක්වත් නෙමේ. අද අපි twitter කරන්න හදන්නේ විධාන රේඛාවේ ඉඳගෙනයි. ඒකට අපි භාවිතා කරන්නේ ලිනක්ස් වල තියන wget කියන විධානයයි. මෙන්න මෙ පේලිය විධාන රේඛාවේ යතුරු කරලා Enter කරන්න විතරයි ඔයාලාත තියෙන්නේ. හැබැයි මතක තියාගන්න, මෙකෙ තියන YOURUSERNAME කියන තැනට ඔයාගේ twitter name එකයි YOURPASSWORD කියන තැනට password එකයි. YOUR NEW STATUS කියන තැනට ඔයාලාට කියන්න තියන දෙයයි ලියන්න.

wget -O – –user=YOURUSERNAME –password=YOURPASSWORD –post-data=”status=YOUR NEW STATUS HERE ” https://twitter.com/statuses/update.xml

තවත්‍ එකක්! විධාන රේඛාවෙන් twitter කරන ගමන් Bud, chanux, seejay 😈 කියන සිංහලෙන්FOSS geeksලා තුන්දෙනාවත් follow කරන්නනම් අමතක කරන්න එපා 😀 ඇයි සිංහලෙන්FOSS twitter නඩය? 😀

19
Apr

APT කෙටියෙන්

   Posted by: bud   in Blog

apt යනු Debian ග්නූ/ලිනක්ස් පද්ධතියේ පැකේජ සමග වැඩ කිරීමට යොදාගන්නා පද්ධතියයි. Debian විතරක් නොව, Debian මත සෑදුනු බොහො ඩිස්ට්‍රො ඇති අතර ඒවා සියල්ලෙම apt දැකගත හැක. ඊට අමතරව Redhat/Fedora වලද apt ස්ථාපිත කර ගත හැකි වේ. ඉතින් දැන් බලමු apt දෙස.

apt එකෙන් පැකේජ ලබා ගත හැකි උල්පත් (apt resources) සඳහන් කිරීමට ඒවා /etc/apt/sources.list නැමති ලිපිය තුල ඇතුලත් කරන්න.
# vi /etc/apt/sources.list

deb http://sinhala.sourceforge.net/ubuntu/i386/gutsy/ ./

විටින් විට apt හි ඇති පැකේජ ලැයිස්තුව අලුත් කල යුතුය. ඒ සඳහා
# apt-get update

apt හි ඇති පැකේජ ලැයිස්තුවෙන් පැකේජයක් සොයා ගැනීම මෙලෙස කළ හැක
# apt-cache search apache2
# apt-cache search apache2 php5

පැකේජයක් ස්ථාපිත කර ගැනීමට
# apt-get install apache2

පැකේජයක් තම පද්ධතියෙන් ඉවත් කර ගැනීමට
# apt-get remove apache2
# apt-get –purge remove apache2

මුලු පද්ධතියේ ස්ථාපනය කර ඇති සියලු පැකේජ අලුත් version බවට පත් කිරීමට
# apt-get dist-upgrade

යම් කිසි පැකේජ ඝට්නයක් නිසා දෙොශයක් වූ විට එය සැදීමට
# apt-get -f install

පෙර භාගත් පැකේජ .debs /var/cache/apt/archives තුලින් මැකීමට
# apt-get autoclean

අනවශ්‍ය භාවිතා කළ නොහැකි පැකේජ ඉවත් කිරීමට
# apt-get autoremove

සිංහල බ්ලොග් මැරතන් එක පටන් ගත් වෙලේ ඉඳන් මේ වෙන කල් අපි තුන් දෙනාම දිව්වා. ඇත්තටම හොඳ අත්දැකීමක්. sinhalenfoss.org එකෙන් බ්ලොග් මැරතන් එකට දීපු දේවල් ඉතා වැදහත් කියල සතුටු වෙන්න පුළුවන්. රටටම ව්දගත් වෙන වැඩක් මේ වගේ විනෝදෙන් කරන්න ලැබීම භාග්‍යයක්. ඒකට අප මැරතන් සංවධායකයන්ට ස්තුති කරනවා.

coke, pizza වලට පිං සිද්ධ වෙන්න දවසම දිව්වා. දැන් නම් ඇත්තටම ටිකක් අමාරුයි. මැරතන් එක ඉවර වෙන්ත ළඟයිනෙ.seejay ටයි මටයි විභාගෙකුත් ළඟ එනවා. Bud ටත් රාජකාරි වැඩ.දැන් ගෙදර ගිහින් ගණිතය පැවරුමක් කරනවා හෙට භාර දෙන්න. අන්තිම දවස හෙට :) . මේ ජර මර අස්සෙත් කොහොම හරි දිව්වෙ හොඳ වැඩක් කියල හිතුන නිසයි. අපි අපේ උපරිමය මවර ‘සිංහලයට’ දුන්නා. අඩු පාඩු ඇත් නම් සමා වෙන්න.

මගේ මිතුරන් දෙදෙනාටත් (bud,seejay) ස්තුති කරන ගමන්ම ඔන්න එහෙනං කාටත් ආයුබොවන් කියලා අදට සමු ගන්නවා. ඉදිරියටත් අපි එක්ක ඉන්න.
මම Chanux.

Page 1 of 1012345...10...Last »