Archive for May, 2009

android_gp2x_ubu1

මෙවර සිංහලෙන් FOSS වෙතින් ඔබට AA බැටරි මගින් දුවන netbook එකක්, GP2x wiz නම් ලිනක්ස් ධාවනය වන game console එක, Google Android සඳහා අපේක්ෂිත සුවිශාල වර්ධනය, Glibc සහ MySQL fork කිරීම්, GNU/Linux හි video සංස්කරණ මෘදුකාංග පිළිබඳ තොරතුරු ඇතුළු තවත් බොහෝ නව ප්‍රවෘත්ති ඔබ වෙත ගෙන එන්නෙමු.

මෙවර විශේෂාංග ලෙස Ubuntu Jaunty නව notification system එක හරහා Firefox notifications ලබා ගැනීම සහ Ubuntu ගෙන එන Canonical සමාගමේ නවතම වෙළඳ නිර්මාණය, තරමක් කතා බහට ලක් වන UbuntuOne පිළිබඳවද ඔබ වෙත තොරතුරු ගෙන එන්නෙමු.

(Ogg version is much smaller)

Part 1

Part 2

යොමු සටහන් (Show Notes)

විශෙෂාංග (Features)

වෙසක් උත්සවයෙන් පසු ගෙනෙන සිංහලෙන් FOSS වැඩසටහනින් අපි වෙසක් සඳහා සුවිශේෂී නිර්මාණයක් ඔබ වෙත ගෙන එන්නේ අපේ Bud සහ ඔහුගේ බිරිඳ කාංචනාගේ මහත් කැපවීමට ස්තුතිවන්තවයි :) . එම නිර්මාණය අප අද ගෙනෙන පින්තූර වලින් ඔබට නැරඹිය හැකියි. වැඩි විස්තර වැඩසටහන තුළින්….

tux_lantern1

මෙවර විකාශයෙන් ඔබට Microsoft නවතම සෙවුම් යන්ත්‍රය (search engine) පිළිබඳ විස්තර එය අපට වැදගත් වන්නේ ඇයිද යන්න සමග දැන ගත හැකියි. එමෙන්ම අපගේ මුල් විකාශයන් වලදී දැඩි ලෙස කතා බහට ලක් වූ OOXML සහ ODF වලට සම්බන්ධ පුවතක්ද ඔබ වෙත ගෙන එන්නෙමු. තවද Firefox පරිශීලක සංඛ්‍යා දත්ත, Firefox වැදගත් ඉදිරි සැලසුමක් පිළිබඳ තොරතුරු, කියුබාව ගෙන එන GNU/Linux අධ්‍යාපනික ක්‍රීඩාවක්, Linux Journal පාඨක තේරීම සම්මානයේ තොරතුරු, කලකට පසු Netbook සම්බන්ධ ප්‍රවෘත්ති කිහිපයක් ඇතුල තවත් බොහෝ දේ ඔබට දැන ගත හැකියි.

මෙවර විශේෂාංග ලෙස Phatch – Photo Batch Processor සමූහ පින්තූර සංස්කාරක මෘදුකාංගය පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන එන්නෙමු. යොමු සටහන් (show notes). පහත දැක්වෙන්නේ Phatch මගින් සකස් කළ අපගේ පින්තූරයකි.

මෙම ඡායා රූපය UCSC studio තුළදී ලබ ගත්තකි. ඉදිරියෙන් ටක්ස් වෙසක් කූඩුව දැක ගත හැක.

in_studio_phatched1

(OGG ගොණුව ප්‍රමාණයෙන් කුඩා බව සලකන්න. )

Part 1

Part 2

යොමු සටහන් (show notes)

Some Netbook News

Feature

Phatcth – the photo batch editor.

අපගේ මෙතෙක් ගමන් මග දැක්වෙන ඡායාරූප රැගත් කුඩා විඩියෝ පටයක් මෙහිදී නරඹන්න.


සිංහලෙන් FOSS විසි දෙවන වැඩසටහන අරඹන්නේ අප වැඩ සටහනට ඉතා වැදගත් මොහොතක් සනිටුහන් කරමින්. මේ පිළිබඳ අපේ දීර්ඝ කාලීන රසික ඔබ සැමගේ අදහස් විමසීමට අපි ඉතා කැමැත්තෙමු. වැඩ සටහන අසා ඔබේ අහස් අප වෙත යොමු කරන්න.

මෙවර ප්‍රවෘත්ති ලෙස Oracle සමාගම විසින් FOSS හිතවත් Sun සමාගම මිල දී ගැනීම පිළිබද ගැඹුරින් සාකච්‍ඡා කරන අතර, Ubuntu 9.04 Jaunty Jackalope පිළිබඳ වැඩි දුර විස්තර සහ Google හරහා ගෙන එන Ubuntu හපන් කම්, මයික්‍රොසොෆ්ට් / වින්ඩෝස් 7 වල FOSS සහ GNU/Linux වෙත බල පෑම, PostgreSQL නව සංස්කරණය, ලිනක්ස් නව කර්නලය පිළිබඳ තොරතුරු ඇතුළු තවත් තොරතුරු බොහොමයක් ඔබ වෙත ගෙන එන්නෙමු.

වැඩ සටහනේ ආරම්භයේදී පසුගියදා නුගේගොඩ TLC(The Linux Center) ආයතනයේ පැවැත්වුනු ෆයර්ෆොක්ස් සාදය (Firefox Party) අතරතුර පටි ගත කළ රසබර හඬ පටයක් ඉදිරිපත් කරන්නෙමු. සාදය සංවිධානයේදී මහත් දායකත්වයක් ලබා දුන් අප හිත මිතුරු සුචේත, Party pack එක අපට ගෙන්වා දුන් ළහිරු සොයුරා ඇතුළු නන් අයුරින දායකත්වය දුන් සහ එම අවස්ථාවට සහභාගී වූ සැමට ස්තුති වන්ත වෙමු.

Firefox party Photos

  • From Bud
  • More to come (if you have photos please le us know)

Part1

Part2

යොමු සටහන් (Show Notes)

Features

  • Tonido – Cloud in your home or in a little plug in your home)