ලිනක්ස් විධාන රේඛාවේ ‘අ’ යන්න පෙරදී කිව්වා මතක ඇති. තාම හරියට කියා ගන්න බැරි නම් තව පුහුණු වලා එන්න. පුළුවන් උදවියට මෙන්න ‘ආ’ යන්න.

විශේෂ දෙයක් පළමුවෙන්…cp,cd,mv කරන විට දීර්ඝ පෙත්(path) නම් යතුරු කරන්නට(type) වීම මහා කරදරයක්. එය මග හරවන මහා ඔත්තුව මෙන්න.
ඔබ යතුරු කර ගෙන යන විට යතුරු පුවරුවේ TAB යතුර තද කරන්න ඔබ ඒ වන විට ඇතුළත් කර ඇතී පෙත් නම සම් පූර්ණ වනු ඇත. මෙය පුරුදු වූ විට මහා පහසුවක් ගෙන දේවි.

පරිගණකයේ නිදහස් ඉඩ(free disk space) බලා ගැනීමට..
$ df -h

ඔබට අවශ්‍ය ධාවකයේ ඉඩ බලා ගැනීමට නම්
$ df /path_to_drive

මෙහි /path_to_drive යනු අවශ්‍ය ධාවකය මවුන්ට් වී ඇති කවරයයි(directory)
උදා: df /media/hda1

පරිගණක සකසනයේ(processor) විස්තර බලා ගැනීමට..
$ cat /proc/cpuinfo

එමෙන්ම මතක විස්තර බලා ගැනීමට..
$ cat /proc/meminfo

පරිගණකයේ දැනට ධාවනය වන වැඩසතහන් වල තොරතුරු බලා ගැනීමට..
$ ps -aux

මතක භාවිතය අනුව වැඩසටහන් පෙළ ගැස්වීමට..
$ top

පරිගණකය ප්‍රතිපණ ගැන්වීමට..
පළමුව රූට් (root) පරිශීලක වන්න
$ su – යොදා රහස් වචනය දෙන්න
පසුව
# reboot

පරිගණකය වසා දැමීමට..
පළමුව රූට් (root) පරිශීලක වන්න
$ su – යොදා රහස් වචනය දෙන්න
පසුව
# halt

වැහුව නේද? දැන් මොනව කරන්නද? පසුව හමු වෙමු!

This entry was posted on Saturday, April 19th, 2008 at 6:09 pm and is filed under Blog. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment