වින්ඩෝස් එක්ස්.පී.යන්නෙ ඉබි ගමනින්ද? විස්ටා දාන එක හීනයක්ද? පරිගණකය විසි කරන්න වෙලාද? හෝව්! හෝව්!! හෝව්!!!

ග්නූ/ලිනක්ස් වලට පිං සිද්ධ වෙන්න දැන්ම ඕක විසි කරන්න ඕන නෑ. ගැලපෙන ලිනක්ස් පද්ධතියක් තියේ නම් තව කාලයක් ඕක දුවන්න පුළුවන්. ඒ වගේ ලිනක්ස් පද්ධති කිහිපයක් ගැන කියන්නයි මේ හදන්නෙ.  මේ කියන ඒවා නම් ගොඩක් පරණ පරිගණක වලට හොඳයි. වින්ඩෝස් දුවන්න බැරි වුනාට අළුත් ලිනක්ස් පද්ධති බොහෝ විට හොඳට දුවයි.

Damn Small Linux.
ඩෑම් ස්මෝල් ලිනක්ස් කියන්නෙ ගොඩාක් බරින් අඩු ලිනක්ස් පද්ධතියක්. මුළු ප්‍රමාණය 50MB විතර ඇති. එය ගොඩක් ලස්සන නැති වුනත් පරණ පරිගණකයකට ඉතා හොඳයි. එහි අතුරු මුහුණතට
හුරු වීමට නවකයකුට තරමක් කල් ගියත් එය ප්‍රශස්ථයි. මෙය knoppix liniux පාදක කොට තැනූවක්.

Puppy Linux.
පපි ලිනක්ස්ද ඩෑම් ස්මෝල් ලිනක්ස් වලට ඉතා සමීපයි. එහි වෙනස එය මුල සිට ගොඩ නගා ඇති Linux From Scratch ආකාරයේ එකක් වීමයි.

Xubuntu
උබුන්ටු දැන් කවුරුත් දන්නා ජනප්‍රිය මෙහෙයුම් පද්ධතියක්. එහි බරින් අඩු සංස්කරණයක් තමයි Xubuntu. එහි XFCE නමැති සැහැල්ලු වින්ඩෝ කළමනාකරු භවිත කර තිබෙනවා.

E-live
ඕබේ පරණ පරිගණකයේ RAM මතකය 128MB ට වැඩි නම් මෙන්න කියාපු බඩුව. එය ඉතාම ලස්සනයි. එය ආරම්භ වන විට 128MB ට අඩු නම් ප්‍රමාණවත් නොවන බව කිවූවත් ඒ බොරු.
එහි Enlightenment නම් වින්ඩෝ කළමනාකරු භාවිත කර තිබෙනවා. මගේ මිතුරන් කිහිප දෙනෙකුගේම පැරණි පරිගණක වල මම මෙය පිහිටුවා තිබෙනවා. ඒවා ඉතා හොඳින් වැඩ.

ඉහත සඳහන් කළේ මෙවන් ලිනක්ස් පද්ධති කිහිපයක්. තවත් ඒවා සොයා ගන්න මෙය කියවන්න. ඉදිරියටත් අප හා රැඳී සිටින්න.

Tags: ,

This entry was posted on Saturday, April 19th, 2008 at 1:06 pm and is filed under Blog. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment