19
Apr

ජාලය සැකසීම

   Posted by: bud   in Blog

සැම ලිනක්ස්/යුනික්ස් පද්ධතියකම පාහේ ජාලය සැකසීමට gui උපකරණ (gui tool) තිබුනද ඒවා එම පද්ධතියට ආවේනික ඒවා ය. එනම් ඔබට පුරුදු නැති යුනික්ස් පද්ධතියක් හමුවුනු විට ජාලය සැකසීමට පෙර එම උපකරණය පිළිබඳව ඉගෙන ගත යුතුය. ඒ වෙනුවට සෑම යුනික්ස් පද්ධතියකම පහේ ඇති ifconfig නැමති උපකරණ ඉගෙන ගැනීම වාසිදායක වේ.

සටහන්:

ජාල අතුරු මුහුනු (network interfaces) දැක්වීමට
# ifconfig -a

ජාල අතුරු මුහුනතක් පහත දමන්න හො නැවත ක්‍රියාත්මක කරන්න
# ifconfig eth0 down
# ifconfig eth0 up

ජාල අතුරු මුහුනතකට IP address එකක් ලබා දීමට
# ifconfig eth0 192.168.1.100
# ifconfig eth1 10.0.1.100 netmask 255.255.240.0

ifconfig එකට අමතරව තවත් වැදගත් වන, සෑම යුනික්ස් පද්ධතියක ඇති විධායකයක් නම් route ය. අපට වෙනත් ජාලයකට සම්බන්ධ වීමේදී අවශ්‍ය default gateway එක මෙම විධායකය මගින් මෙලෙස දිය හැක.
# route add default gw 192.168.1.254

default gateway එක ඉවත් කිරීමට
# route del default

default gateway එක දැක බලා ගැනීමට
# route
# netstat -r

මීට අමතරව අන්තර් ජාලයේ ඇති වෙබ් අඩවි වැනි දේ භාවිතා කිරීමෙදී IP address වෙනුවට මිනිසුන්ට පැහැදිලි DNS භාවිතා කරන අතර එය වෙනුවෙන් අවශ්‍ය DNS සවර /etc/resolv.conf එකට ඇතුලත් කළ යුතුය.
# echo ‘nameserver 203.115.0.43′ > /etc/resolv.conf
# echo ‘nameserver 203.115.0.46′ >> /etc/resolv.conf

නමුත් වඩාත් පහසු වන්නේ ඔබේ ජාලයේ DHCP සවරයක් මගින් ජාලය සැකසීම කරගැනීමය.
# dhclient eth0
# dhcpcd eth0

This entry was posted on Saturday, April 19th, 2008 at 12:40 pm and is filed under Blog. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

One comment

 1 

[…] ඉතින් සාමන්‍ය ජාල සැකසීමක් ලෙස ip address එකක් ලබ දිය හැක. This entry was posted on Saturday, April […]

April 19th, 2008 at 1:29 pm

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment