සිංහලෙන් ෆොස් 50 වන වැඩසටහන නිකුත් කරන මොහොතේ පළමු කොට මෙතෙක් අප හා රැඳී සිටි ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිමු. අපගේ ගමනේ ශක්තිය වූ ඔබගේ සහය ඉදිරියේදීත් අපට නොඅඩුව ලැබෙනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.

මෙම සුවිශේෂී වැඩ සටහනෙන් කොටසක් ඔබ වෙත ගෙන එන්නේ RefreshColombo සහයෝගයෙන් පැවැත්වුනු Firefox 4 සාදය තුළ සිටයි. සුපුරුදු පුවත් විමසුමට පසුව එම විශේෂාංය සමග එක් වීමට ඔබට හැකිය. RefreshColombo – Firefox4 සාදයේ මලින්ත ගත් පින්තූර (විවෘත Facebook පිටුවකි) .

Firefox 4 cake

(පින්තූරය තමීරගෙන්)

මෙවර ප්‍රවෘත්ති අතර, Firefox – Linux මත දක්වන මන්දගාමී බව අඩු කිරීම, Firefox 5 නිකුතුව පිළිබඳ තොරතුරු, Slackware Linux නව නිකුතුව, Linux සිය දිවියේ විසි වසර සපිරීම, Rzip – නව හකුලන (compression) මෘදුකාංය, ගුප්ත ලිනක්ස් බල කළමණාකරන දෝෂය, Oracle ඔබ වෙත ගෙන එන OpenOffice විහිළු මෙන්ම RedHat ගෙන එන ජාවා අනුප්‍රාප්තික පරිගණක භාෂාව ඇතුළු තවත් බොහෝ තොරතුරු ඔබ වෙත.

Show Notes (යොමු සටහන්)

[display_podcast]

This entry was posted on Monday, May 9th, 2011 at 10:40 pm and is filed under Podcast. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

3 comments so far

 1 

I was waiting for this for long long time thanks

May 12th, 2011 at 6:10 am
Dasun
 2 

අපි ආයෙත් සිංහලෙන් ෆොස් කරන්න පටන් ගම්මු.. දැන් නවත්තල හිටිය ගොඩාක් ඇති. 😀 රිප්ලයි පාරක් දාන්න ..

September 4th, 2012 at 9:30 pm
 3 

@Dasun
මම Bud එක්ක වැඩ කරන්න ගනිද්දි හිතුවෙ පොඩ්කාස්ට් එක කරන එක තබුනට වඩා ගොඩාක් ලේසි වෙයි කියලා. ඒත් වැඩ කරන්න ගත්තහම තේරුනේ ඒක හිතුව තරම් ලේසි නෑ කියලා. සතියේ දවස් වල හවස මහන්සියි. සති අන්තයෙ එක්කො විවේක ගන්නවා නැතිනම් මොනව හරි වැඩක්. ඔන්න ඕකයි වුනේ.

මම පිළි ගන්නවා අපි කම්මැලි වුනා, එකක් දෙකක්, පහක්, දහයක් මග ඇරුනම උනන්දුවත් අඩු වුනා. Bud මාත් එක්ක අනන්ත වාරයක් කතා කරන්න ඇති මේක කොහොම හරි කර ගෙන යන්න. (මොන තරම් කතා කළත් ඒක ක්‍රියාවට නංවපු නැති එක ගැන සමා වෙන්න)

දැන් තත්වෙ තවත් වෙනස්. Bud ලංකාවෙ නැහැ ගොඩ කාලෙකට.

තවත් දෙයක්… අද ලෝකෙ වෙන දේවල් දැක්කහම අපිට NEWS වලට එහෙම කියන්න දෙයක් තියනවද කියල හිතෙනවා. මේකට ප්‍රධාන හේතුව සිංහලෙන් ෆොස් එකට NEWS හොයා ගන්න මගේ තිබුන පුරුද්ද ගොඩාක් අඩු වුන නිසා වෙන්න ඇති.

September 4th, 2012 at 9:52 pm

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment