Archive for April, 2008

පොඩ්කාස්ට් බාගැනීමට බොහෙො නිදහස් සහ නිදහස් නොවන මෘදුකාංග ඇත. උදා: ලෙස Amarok, Banshee FOSS වන අතර iTunes FOSS නොවන ඝණයට වැටේ.

එහෙත් ඉහත කී මෘදුකාංග සියල්ල GUI ඇතුලත් ඒවාය. නමුත් මේ කියන්න යන්නේ Bash නැමති shell එක උඩම දුවන පොඩ්කාස්ට් එකතුකරන script ගැනයි – එනම් BashPodder.

BashPodder හි විශේෂයක් වන්නේ එය ලියා ඇත්තේද දැනටත වැඩිම කලක සිට පවතින ලිනක්ස් සම්බන්ධව ඇති පොඩ්කාස්ට් එක වන tlls – The Linux Link Tech Show එකේ මෙහෙයවන Linc නැමෙති කෙනෙක් විසින්ය.

Shell එකෙන් පොඩ්කාස්ට් බෑමේ ක්‍රියාවලිය ඉතා පහසුවෙන් cron මගින් ස්වයං ක්‍රීයව සිදුකර ගත හැකිවීම තවත් වාසියකි. ඒ සඳහා මෙම උපදෙස් යොදාගන්න:

$ mkdir podcasts
$ cd podcasts
$ wget http://lincgeek.org/bashpodder/bashpodder.shell
$ chmod +x bashpodder.shell
$ wget http://lincgeek.org/bashpodder/parse_enclosure.xsl
$ wget http://lincgeek.org/bashpodder/bp.conf

දැන් ඔබ කැමති පොඩ්කාස්ට් වල rss feeds ටික bp.conf තුලට ඇතුලත් කරන්න. එච්චරයි! අවශ්‍ය විට bashpodder.shell දුන්න

$ ./bashpodder.shell

ඉහත සඳහන් පරිධි cron එකක් මගින් දිනකට වරක් ඉබේම දුන්න පවා එය මෙලෙස යොදා ගත හැකිය.

$ crontab -e
22 4 * * * /home/bud/podcasts/bashpodder.shell

මෙවිට සෑමදාම උදේ 4:22 ට අලුත් episodes බා ගනු ඇත. වැඩි විස්තර සඳහා BashPodder වෙබ් අඩවිය බලන්න.

අළුතින් ග්නූ/ලිනක්ස් වලට එන අය හිතන්නෙ විධායක රේඛාව යකෙක් කියල නේද? ඒත් කලක් ලිනක්ස් භාවිත කරන අය වඩාත් කැමති විධායක රේඛාවට. හේතුව…?

හේතුව ඒක වෙනස්, ඒක වේගවත්. බොරු කියල හිතෙනව නම් කරලම බලන්නකෝ. දැන් කියල දෙන්නම් මූලිකම විධාන ටික.

ගොනු(files)/නාමාවලි(directories/folders) බලා ගැනීමට : ls

විධාන රේඛාවේ සිට ls යොදා බලන්න. ඔබ සිටින නාමාවලිය තුළ ඇති ගොනු/නාමාවලි සියල්ල පෙන්වයි.
ls -al මගින් වඩා විස්තරාත්මක ලැයිස්තුවක් පෙන්වයි.

ඔබ සිටින නාමාවලිය බලා ගැනීමට pwd යොදන්න. මෙහි අරුත print working directory යන්නයි.

ඔබ සිටින නාමාවලිය වෙනස් කිරීමට
cd /path_to_directory

මෙහි /path_to_directory යනු ඔබට යාමට අවශ්‍ය නාමාවලියේ පෙතයී. ඔබ සිටින නාමාවලිය තුළ ඇති වෙනත් නාමාවලියකට යාමට නම් මුලට / නොයොදා නාමාවලි පෙත ලබා දිය හැක.

mkdir විධානයෙන් ඔබට නව නාමාවලියක් සෑදිය හැකියි. මෙය make directory යන්නෙහි කෙටි යෙදුමයි.
mkdir

/directory_path යනු නව නාමාවලියෙහි පෙතයි.

උදා: mkdir newdir – ඔබ සිටින තැනම නව නාමාවලිය සාදයි.
mkdir newdir/foss – පෙර සෑදූ නාමාවලිය තුළ නව නාමාවලිය සාදයි.

touch විධානය මගින් නව ගොනුව්ක් සෑදිය හැක.

උදා: touch newfile.txt
touch newdir/newfile.txt

ගොනු සහ නාමාවලි පිටපත් කිරීම: cp – copy යන්නෙහි කෙටි යෙදුමයි.
cp /path_to_file /path_to_paste

මෙහි /path_to_file යනු පිටපත් කිරීමට අවශ්‍ය ගොනුවේ පෙතයි. /path_to_paste යනු පිටපත් විය යුතු නාමාවලියේ පෙතයි.

ගොනු පිටපත් කිරීමේදී සුළු වෙනසක් කළ යුතු අවස්ථා ඇත. ඒ පහත ලෙසය.
cp -R /path_to_directory /path_to_paste

පිටපත් කරන නාමාවලිය තුළ තවත් නාමාවලි ඇත්නම් මෙසේ කළ යුතු වෙයි.

ගොනු සහ නාමාවලි තැන් මාරු කිරීම: mv – move යන්නෙහි කෙටි යෙදුමයි.
mv /path_to_file /path_to_paste
mv -R /path_to_directory /path_to_paste

මෙහි සිද්ධාන්තයද cp හි සිද්ධාන්තයට සමානය.

mv මගින් ගොනු සහ නාමාවලි නම් වෙනස් කිරීම.
mv /path_to_file /same_path_with_new_name
mv -R /path_to_directory /same_path_with_new_name

පෙර පරිදිමය. එකම පෙත වෙනස් විය යුතු ගොනු/නාමාවලි නම සමග යෙදිය යුතුය.

මෙම මූලික කරුණු හොඳින් ප්‍රගුණ කරන්න.

ෆයර්ෆොක්ස් බ්‍රවුසරය විසින් ඔබගේ පරිගනකයේ මාතකය වැඩි ප්‍රමානයක් භාවිතා කරයි නම් මේ කුඩා උපක්‍රමය මගින් එය වලක්වා ගත හැකි වනු ඇති. ඔබ විසින් කල යුත්තේ about:config යන්න Address bar හි ටයිප් කර Enter එබීමයි.

ඉන් පසු filter යටතේ browser.cache යටතේ ඇති browser.cache.disk.capacity යන්න ඔබට අවශ්‍ය පරිදි වෙනස් කිරීමයි. මෙහි සාමාන්‍ය අගය 50000 වුවත් ඔබට අවශ්‍ය පරිදි එය අඩු හෝ වැඩි කල හැකියි. ඔබගේ පරිගනකයේ මතකය 512MB හා 1GB අතර නම් අගය ලෙස 15000 ලබා දීම උචිතය.

ගොඩක් Windows භවිතා කරන අය අසන ප්‍රශ්නයක්. ලිනක්ස් වල virus නැත්තෙම නැතිවුනත් එය නැති තරම්ය. ඒ කියන්නේ පසුගිය අවුරුදු 15 තුළ, අතේ ඇගිලි වලින් ගනන් කළ හැකි පමණක විතර වයිරස සංඛ්‍යයාවක් තමයි හදල තියෙන්නෙ. මෙයින් එකකටවත් විශාල හානියක් කිරීමට හැකිවී නැත.

ලිනක්ස් මෙලෙස සෑහෙන virus වලින් සුරක්‍ෂිත වීමට ප්‍රධාන හේතුවක් ලෙස එය භාවිතාකරන users ලගෙ සංස්කෘතිය සහ ක්‍රියා කලාපය ප්‍රධාන තැනක් ගනී. උදා: Windows වල බොහො දෙනෙක් ඉන්නෙ Admin විධියට. ඒම නිසා  දන්නෙම නැතුව spyware, virus වැනි දෑ ස්ථාපිත කිරීම පහසියි. එවිතරක් නොව, ‌Windows users ල, සමහරු නොසැලකිලිමත් ලෙස e-mail attachment විවෘත කිරීමට පුරුදු වූ සිටිති.

හැබැයි ලිනක්ස් වල නම් වැරදිලාවත් ඕන්නැති මෘදුකාංග root අවසරයක් නොමැතිව ස්ථාපිත කර ගත නොහැක. එයින් විශාල හානියක් මඟ හරවා ගත හැක.

user හැරුනහම ලිනක්ස් පද්ධතිය නිදහස් සහ විවෘත මෘදුකාංග (Free/Open Source) වීම ඉතා වැදගත් සාදකයකි. මන්ද සංවෘත මෘදුකාංග (closed source) මෙන් නොව, එම මෘදුකාංගය ලියූ අයට අමතරව, ඕනෑම කෙනෙකුට එය ලිවීමේදී සිදු වූ දෙොෂ (bugs) දැක බලා, නිවේදනය කොට, කැමති නම් සෑදීම පවා කළ හැක. Windows වල බොහෙො විට සිදු වෙන්නේ නරක පුද්ගලයින් විසින් දෙොෂ සොයා ගැන එය උපයෙොගිකර ගැනීම. එවැනි දෙොෂ සෑදිය හැක්කේ, එම මෘදුකාංගය ලිවූ සාමාගමට විතරයි.

ඉතින් මෙම හේතු ඇතුලු වෙනත් හේතු නිසා ග්නූ/ලිනක්ස් වඩාත්ම සුරක්‍ෂිත OS එකක් ලෙස සැලකිය හැක.

ඔබ ග්නූ/ලිනක්ස් වලට නවකයෙක් නම් එක වරම වින්ඩෝස් දීගෙ කඩන්න බැහැ නේද? ලිනක්ස් දාල දෘඩ තැටි ධාවකය අපතෙ ගියා කියල හිතුනද? එහෙනං මෙන්න ඒකටත් බේත…

නිදහස් මෘදුකාංගයක් තියනව ext2fs කියල. ඒකෙන් වින්ඩෝස් වල ඉඳන් ලිනක්ස් බෙදුම් (partitions) බලන්න/ලියන්න පුළුවන්.
ඔබ ග්නූ/ලිනක්ස් වලට නවකයෙක් නම් එක වරම වින්ඩෝස් දීගෙ කඩන්න බැහැ නේද? ලිනක්ස් දාල දෘඩ තැටි ධාවකය අපතෙ ගියා කියල හිතුනද? එහෙනං මෙන්න ඒකටත් බේත…

නිදහස් මෘදුකාංගයක් තියනව ext2fs කියල. ඒකෙන් වින්ඩෝස් වල ඉඳන් ලිනක්ස් බෙදුම් (partitions) බලන්න/ලියන්න පුළුවන්.

ext2fs භාගත කර ගෙන ඔබේ වින්ඩෝස් වල පිහිටුවා ගන්න(install). දැන් පාලක පුවරුවට(control panel) ගිහින් එහි ඇති ext2fs මගින් ඔබේ ලිනක්ස් බෙදුමට ධාවක නාමයක්(drive letter)
තෝරන්න. එච්චරයි. ප්‍රශ්න ඇත් නම් comments වල ලියන්න.
ext2fs භාගත කර ගෙන ඔබේ වින්ඩෝස් වල පිහිටුවා ගන්න(install). දැන් පාලක පුවරුවට(control panel) ගිහින් එහි ඇති ext2fs මගින් ඔබේ ලිනක්ස් බෙදුමට ධාවක නාමයක්(drive letter)
තෝරන්න. එච්චරයි. ප්‍රශ්න ඇත් නම් comments වල ලියන්න.

Page 6 of 10« First...45678...Last »