ෆයර්ෆොක්ස් බ්‍රවුසරය සම්මත තත්වයෙදි සුසර කරලා තියෙන්නේ Dial Up සඹදතා භාවිතා කරන්නන් වෙනුවෙනුයි. අධිවේගී BroadBand භාවිතා කරන්නන්ට එහි උපරිම ඵල නෙලාගන්න අපි මේ කියලා දෙන්න යන උපායන් වෙදගත්‍ වෙයි කියලා හිතනවා. හරි මෙන්න මෙකයි කරන්න තියෙන්නේ.

ෆයර්ෆොක්ස් Address Bar එකේ about:config කියලා ලියලා Enter බොත්තම ඔබන්න

එතන තියන filter කියන තැන network.http කියලා ටයිප් කරන්න ඊට පස්සේ පහත තියන විදියත වෙනස්කම් කරන්න.

network.http.pipelining කියන එක true කරන්න.

network.http.proxy.pipelining කියන එකත් true කරන්න.

network.http.pipelining.maxrequests කියන තැනට 30 විතර දමන්න. ඒ මඟින් ෆයර්ෆොක්ස් බ්‍රවුසරයට එකවර ඉල්ලීම් 30 කරන්න හැකියාව ලැබෙනවා.

ඊලඟට ඔනෑම තැනක මවුස් එකේ දකුනු බොත්තම ඔබලා New-> Integer තෝරන්න එහි name එකට nglayout.initialpaint.delay කියලා දෙන්න එකෙ value එකට 0 (බිංදුව) දෙන්න. එමගින් විධානයක් සක්‍රීය කිරීමට පෙර බ්‍රවුසරය බලා සිටින කාලය ශුන්‍ය බවත පත් කරයි.

ඔන්න ඔය ටික හරියත කලොත් ඉතින් ඔයාලාගේ අන්තර්ජාල සැරිසැරීමේ වේගය සැහෙන්න වැඩි කරගන්න පුලුවන් වෙයි.

This entry was posted on Saturday, April 19th, 2008 at 1:15 am and is filed under Blog. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

One comment

රෙෂාන්
 1 

network.http.pipelining.maxrequests එකට 48 දාන්න. ඒක තමා උපරිම. 48 ට වැඩියෙන් request යවන්නේ නෑ.

April 19th, 2008 at 2:14 pm

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment