බුද්ධික සිද්ධිසේන
ඔබ සමහරවිට දැකල ඇති රූපවාහිනී චැනල් (බොහො විට චන්ද්‍රිකා ගනයට වැටෙන), tv යන්ත්‍ර කිහිපයක එක වර නරඹන හැටි. අපටත් එවන් දෙයක් ගෙදර කාමර අතර කළ හැකිනම්, කොපමන අපූරු ද? මේ කියන්න යන්නේ, පරිගණක කීහිපයක් wi-fi මගින් එකට ජාල ගත කර ඇති විටක, කොහොමද ඔබට tv චැනලයක් තැන් කීපයකින් නැරඹිය හැකි ආකාරයකි.
මේ සඳහා මම යොදා ගත්තේ ඉතා ප්‍රචලිත මෘදුකාංගයක් වන VLC එකයි. VLC මෘදුකාංගයේ වෙබ් අඩවියට පිවිසූ විට මෙයට හේතුව පැහැදිලි වනු ඇත. VLC එක බොහො ක්‍රියාකාරී පද්ධති (OS) වල ස්ථාපිත (install) කර හැකි වීම සහ ඊට නොයකුත් වර්ගයේ බහු මාධ්‍ය ලිපි (multimedia files) පෙන්විය හැකිවීම මෙයට හේතු ලෙස සැලකිය හැක.
එහෙත් ගොඩක් අය නොදන්නා කරුණක් නම්, VLC හි වීඩියෙො සම්ප්‍රේෂණය (video streaming) කිරීමේ හැකියාව. VLC මගින් අපට ඔනෑම video එකක් නරඹන අතරතුරම stream කළ හැක.
එමනිසා මුලින්ම කළ යුත්තෙ tv පරිපථය (tv card) මගින් ලැබෙන ධාරාව (stream), VLC මගින් නැරඹීම (File->Open->Caputure device). ඉන් පසු නැවතත් (File->Open->Caputure device) තිරය (dialog screen) වෙත ගොස් පහළින් තිබෙන (stream/save) තෙොරා (settings) බොත්තම ඔබන්න.
මෙම තිරයෙන් ඔබට නොයෙක් ආකාරයේ අත්හදා බැලීම් කළ හැක. නමුත් wi-fi භාවිතය නිසා අපට එතරම් දත්ත ප්‍රමාණයක් (bandwidth) හුවමාරු කළ නොහැකි නිසා අවම දත්ත ප්‍රමාණයක් වැය වන ලෙස පහත අගයන් මම ලබා ගත්තෙමි.
Stream Type: HTTP
Stream Port: 8080 (you can use any port here)
Video codec: h264 @ 192 kb/s
Audio codec: mp4a @ 64 kb/s (mono)
Video container: ASF
මෙලෙස සම්ප්‍රේෂණය කෙරෙන වීඩියෙො එකක්, වෙනත් පරිගණක දුවන VLC හෙො වෙනත් http ධාරාවකින් වීඩියො බැලිය හැකි මෘදුකාංගයකින් එහි URL එක මාර්ගයෙන් දැක බලා ගත හැක.
vlc http://192.168.1.3:8080
Wi-Fi සතු ජංගම පරිඝණකයක් (notebook) හො දුරකථනයක් මාර්ගයෙන් ඔබට ගෙදර මිදුලේ සක්මන් කරමින්වුනත් මෙලෙස Wi-Fi හරහා tv බැලිය හැකි වනු ඇත!
Tags: howto, multimedia, ක්‍රම සහ විධි (howto), බහු මාධ්‍ය
One comment
Leave a reply