2
Feb

Wi-Fi හරහා TV බලමු

   Posted by: bud   in Blog

බුද්ධික සිද්ධිසේන

බ සමහරවිට දැකල ඇති රූපවාහිනී චැනල් (බොහො විට චන්ද්‍රිකා ගනයට වැටෙන), tv යන්ත්‍ර කිහිපයක එක වර නරඹන හැටි. අපටත් එවන් දෙයක් ගෙදර කාමර අතර කළ හැකිනම්, කොපමන අපූරු ද? මේ කියන්න යන්නේ, පරිගණක කීහිපයක් wi-fi මගින් එකට ජාල ගත කර ඇති විටක, කොහොමද ඔබට tv චැනලයක් තැන් කීපයකින් නැරඹිය හැකි ආකාරයකි.

මේ සඳහා මම යොදා ගත්තේ ඉතා ප්‍රචලිත මෘදුකාංගයක් වන VLC එකයි. VLC මෘදුකාංගයේ වෙබ් අඩවියට පිවිසූ විට මෙයට හේතුව පැහැදිලි වනු ඇත. VLC එක බොහො ක්‍රියාකාරී පද්ධති (OS) වල ස්ථාපිත (install) කර හැකි වීම සහ ඊට නොයකුත් වර්ගයේ බහු මාධ්‍ය ලිපි (multimedia files) පෙන්විය හැකිවීම මෙයට හේතු ලෙස සැලකිය හැක.

එහෙත් ගොඩක් අය නොදන්නා කරුණක් නම්, VLC හි වීඩියෙො සම්ප්‍රේෂණය (video streaming) කිරීමේ හැකියාව. VLC මගින් අපට ඔනෑම video එකක් නරඹන අතරතුරම stream කළ හැක.

එමනිසා මුලින්ම කළ යුත්තෙ tv පරිපථය (tv card) මගින් ලැබෙන ධාරාව (stream), VLC මගින් නැරඹීම (File->Open->Caputure device). ඉන් පසු නැවතත් (File->Open->Caputure device) තිරය (dialog screen) වෙත ගොස් පහළින් තිබෙන (stream/save) තෙොරා (settings) බොත්තම ඔබන්න.

මෙම තිරයෙන් ඔබට නොයෙක් ආකාරයේ අත්හදා බැලීම් කළ හැක. නමුත් wi-fi භාවිතය නිසා අපට එතරම් දත්ත ප්‍රමාණයක් (bandwidth) හුවමාරු කළ නොහැකි නිසා අවම දත්ත ප්‍රමාණයක් වැය වන ලෙස පහත අගයන් මම ලබා ගත්තෙමි.

Stream Type: HTTP
Stream Port: 8080 (you can use any port here)
Video codec: h264 @ 192 kb/s
Audio codec: mp4a @ 64 kb/s (mono)
Video container: ASF

vlc_streaming

මෙලෙස සම්ප්‍රේෂණය කෙරෙන වීඩියෙො එකක්, වෙනත් පරිගණක දුවන VLC හෙො වෙනත් http ධාරාවකින් වීඩියො බැලිය හැකි මෘදුකාංගයකින් එහි URL එක මාර්ගයෙන් දැක බලා ගත හැක.

vlc http://192.168.1.3:8080

watch_match

Wi-Fi සතු ජංගම පරිඝණකයක් (notebook) හො දුරකථනයක් මාර්ගයෙන් ඔබට ගෙදර මිදුලේ සක්මන් කරමින්වුනත් මෙලෙස Wi-Fi හරහා tv බැලිය හැකි වනු ඇත!

Tags: , , ,

This entry was posted on Saturday, February 2nd, 2008 at 9:03 pm and is filed under Blog. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

One comment

_HuDaKaLaWa_
 1 

වටිනා ලිපියක් වගෙම ඉතා වටිනා සේවාවක් සපයනු ලබන වෙබ් එකක්. අද තමයි මුලින්ම මේ වෙබ් එක කියවන්න අවස්ථාව ලැබුනේ අදිරියටත් FOSS සමග අත්වැල් බැදගෙන නිදහස් හා වීවෘත මෘදුකාංග ගැන දිගින් දිගටම හැදෑරීමට බලපොරොත්තු වෙනවා.. ඒ වගේම මෙ සඳහා දායකත්වය සපයන සියලු දෙනාටම මාගේ ස්තුතියද පුදකරනවා….

March 6th, 2012 at 6:35 pm

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment