කවදාවත් වෙලාවට එන්නෙ නැති සිංහලෙන් FOSS වෙතින් මෙවර ඔබ වෙත, ලිනක්ස් – මයික්‍රොසොෆ්‍ට් ට්‍විටර් ආලය, උබුන්ටු මයික්‍රොසොෆ්ට් නිපැයුමක් වූ හැටි, ෆයර්ෆොක්ස් 3.5 එළිදැක්ම, මොනෝ උණුසුම් බහ, The Pirate Bay විකුණා දැමීම ඇතුළු තවත් බොහෝ ප්‍රවෘත්ති ඔබ වෙත ගෙන එන්නෙමු. මෙවර ඔබ වෙත පුංචි ඔත්තුවක් ගෙන එන්නේ මනරම් සුමුදු අකුරු මුහුණත් (Fonts) ඔබේ ග්නූ/ලිනක්ස් පද්ධතියට ගෙන ඒම පිළිබඳවයි.

මෙවර වැඩසටහන තුළින් ඔබ වෙත තවත් සුවිශෙෂ ශ්‍රී ලාංකික මෙහෙවරක් වන digit.lk සඟරාව ඔබ වෙත හඳුන්වා දෙන්නේ Bud විසින් ලියන ලද Media Tomb ලිපිය පිළිබඳවද සඳහන් කරමින්.
යොමු සටහන් (Show Notes)
විශේෂාංග (Features)

මෙවර සිංහලෙන් FOSS වෙතින් ඔබට Linux 2.6.30 kernel එක නිකුත්වීම සහ NILFS වැනි සුචිශේෂ ලක්ෂන ගැනත්, නවතම USB 3.0 සම්මතය මුල්වරට OS එකකට පැමිණි අවස්ථාවක් ගැනත්, මෑතකදී නිකුත් වුනු Fedora 11 සහ OpenSolaris 2009.6 ගැනත්, Ubuntu 10.4 වෙද්දි ත. 10.4 කින් boot වීමට තැත්කරන පුවතක් ගැනත්, දේශපාලන කරලියෙන් Obama (ඔබ මා) සහ Arnold Schwarzenegger (ආනොල්ඩ් සුමනසිරි) FOSS වෙත අවධානය යොමු කිරීම ගැන ද, Open Source කාර් එකක්, JolyCloud නැමති ජොලි OS වැඩක් ඇතුළු තවත් බොහෝ නව ප්‍රවෘත්ති ඔබ වෙත ගෙන එන්නෙමු.
(Ogg version is much smaller)
Part 1
Part 2
යොමු සටහන් (Show Notes)
මෙවර අප 25 වන වැඩ සටහන ඔබ වෙත අප ගෙන එන්නේ අපගේ රිදී ජුබිලිය සමරමින් 😀 . මෙවර වෙනසක් කරමින් අප Live Stream එකක් ගෙන ආවේ අත්හදා බැලීමක් වශයෙන්.

මෙවර ප්‍රවෘත්ති ලෙස අප වැඩිපුර කතා බහ නොකළ e-Book reader එකක් පිළිබඳ තොරතුරු සමග Elisa ගේ මහා වෙනස, ලිනක්ස් මින්ට් 7 gloria, KOffice නව පිටපත, ලිනක්ස් සඳහා Google Chrome, Miro adopt a code වැඩසටහන, NASA – Microsoft හවුල ඇතුලු තවත බොහො රස බර තොරතුරු ගෙන එන්නේ ප්‍රවෘත්ති මදි කමින් ඇති වන අපහසුතා මැදයි ;).
මෙවර විශේසහාංග ලෙස අපේ දිවි ගලවා ගන්නට භාවිත කරන්නේ Aria2 නම් මෘදුකාංගයයි :D.
(Ogg version is much smaller)
Part 1
Part 2
යොමු සටහන් (Show Notes)
විශේෂාංග (Features)

මෙවර සිංහලෙන් FOSS වෙතින් ඔබට AA බැටරි මගින් දුවන netbook එකක්, GP2x wiz නම් ලිනක්ස් ධාවනය වන game console එක, Google Android සඳහා අපේක්ෂිත සුවිශාල වර්ධනය, Glibc සහ MySQL fork කිරීම්, GNU/Linux හි video සංස්කරණ මෘදුකාංග පිළිබඳ තොරතුරු ඇතුළු තවත් බොහෝ නව ප්‍රවෘත්ති ඔබ වෙත ගෙන එන්නෙමු.
මෙවර විශේෂාංග ලෙස Ubuntu Jaunty නව notification system එක හරහා Firefox notifications ලබා ගැනීම සහ Ubuntu ගෙන එන Canonical සමාගමේ නවතම වෙළඳ නිර්මාණය, තරමක් කතා බහට ලක් වන UbuntuOne පිළිබඳවද ඔබ වෙත තොරතුරු ගෙන එන්නෙමු.
(Ogg version is much smaller)
Part 1
Part 2
යොමු සටහන් (Show Notes)
විශෙෂාංග (Features)
වෙසක් උත්සවයෙන් පසු ගෙනෙන සිංහලෙන් FOSS වැඩසටහනින් අපි වෙසක් සඳහා සුවිශේෂී නිර්මාණයක් ඔබ වෙත ගෙන එන්නේ අපේ Bud සහ ඔහුගේ බිරිඳ කාංචනාගේ මහත් කැපවීමට ස්තුතිවන්තවයි
. එම නිර්මාණය අප අද ගෙනෙන පින්තූර වලින් ඔබට නැරඹිය හැකියි. වැඩි විස්තර වැඩසටහන තුළින්….

මෙවර විකාශයෙන් ඔබට Microsoft නවතම සෙවුම් යන්ත්‍රය (search engine) පිළිබඳ විස්තර එය අපට වැදගත් වන්නේ ඇයිද යන්න සමග දැන ගත හැකියි. එමෙන්ම අපගේ මුල් විකාශයන් වලදී දැඩි ලෙස කතා බහට ලක් වූ OOXML සහ ODF වලට සම්බන්ධ පුවතක්ද ඔබ වෙත ගෙන එන්නෙමු. තවද Firefox පරිශීලක සංඛ්‍යා දත්ත, Firefox වැදගත් ඉදිරි සැලසුමක් පිළිබඳ තොරතුරු, කියුබාව ගෙන එන GNU/Linux අධ්‍යාපනික ක්‍රීඩාවක්, Linux Journal පාඨක තේරීම සම්මානයේ තොරතුරු, කලකට පසු Netbook සම්බන්ධ ප්‍රවෘත්ති කිහිපයක් ඇතුල තවත් බොහෝ දේ ඔබට දැන ගත හැකියි.
මෙවර විශේෂාංග ලෙස Phatch – Photo Batch Processor සමූහ පින්තූර සංස්කාරක මෘදුකාංගය පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන එන්නෙමු. යොමු සටහන් (show notes). පහත දැක්වෙන්නේ Phatch මගින් සකස් කළ අපගේ පින්තූරයකි.
මෙම ඡායා රූපය UCSC studio තුළදී ලබ ගත්තකි. ඉදිරියෙන් ටක්ස් වෙසක් කූඩුව දැක ගත හැක.

(OGG ගොණුව ප්‍රමාණයෙන් කුඩා බව සලකන්න. )
Part 1
Part 2
යොමු සටහන් (show notes)
Some Netbook News
Feature
Phatcth – the photo batch editor.
අපගේ මෙතෙක් ගමන් මග දැක්වෙන ඡායාරූප රැගත් කුඩා විඩියෝ පටයක් මෙහිදී නරඹන්න.