හදිසියෙ අහවට පත් යසරුවන් ගුණතිලක සොයුරාට මෙම බ්ලොග් මෙරතනයට සහභගි විමට නොලැබිම ගැන කනගාටු වෙමි. ඔහුට සිංහලෙන් FOSS වෙනුවෙන් අපි නිවන් පතමු.

අද රාත්‍රි 8 සිට ඇරඹෙන, පැය 24ක් පුරා දිවෙන බ්ලොග් මැරතන් එක වෙනුවෙන්, මෙම වෙබ් අඩවියෙන් තුලින්ද ලිපි කිහිපයක් බලා පොරොත්තු වන්න. මෙහෙදි අප බලාපොරොත්තු වන්නේ ග්නූ/ලිනක්ස් හි ඇති, අතිශයින්ම වැඩිහිටි ගීක්ස් ලට පමණක් ඇති Commandline එක සහ එයින් කළ හැකි දේ ගැන ඉගැන් වීමටයි. එමනිසා නොවරදවාම ඔබේ ලිනක්ස් පද්ධතිය රැගෙන මෙම අඩවියට එන්න. ඔබට ග්නූ/ලිනක්ස් ස්ථාපිත කළ පරිගණකයක් නොතිබේනම්, එවෙනුවට Ubuntu හො Knoppix වැනි Live CD එකක් භාවිතා කළ හැකිය.

නැවතත් රාත්‍රි 8 වනතුරු ….

microphone මංගල වැඩසටහනින් අපි සිංහලෙන් ෆොස් (Sinhalen FOSS) පොඩ්කාස්ට් එක සහ එය මෙහෙයවන geeks ලව හඳුන්වාදී, මෑතක දී FOSS ලොකයේ කතා බහට තුඩුදුන් Microsoft’s OOXML ISO සම්මතයක් බවට පත්වීම, නවතම Open Office 2.4 ගැන ද, Adobe Air නැමති තාක්‍ෂණය ග්නූ/ලිනකස් වලට ඒම ගැනත් කතා කළෙමු.

ඉන්පසු අප මෑතක සිට සාර්ථකව විකිනෙමින් තිබෙන cool gadget එකක් චන EEEPC ගැනත්, එහි නවතම 9″ model එක සමඟ ලිනක්ස් වලට අමතරව Windows XP  විකිනීම සම්බන්ධව අදහස් පළ කොට, Bud ගේ නවතම Gentoo හැර යමත්, Ubuntu/Kubuntu Hardy (beta) පිළිබඳ අත්දැකීම්මුත් කතා කරනු ඇත.

අවසාන වශයෙන් Seejay සහ Chanux ඔව්නගේ Firefox උන්මාදය ගැනත්, එදිනෙදා ප්‍රයෙොජනවත් Firefox plugins කිහිපයකුත් ඉදිරිපත් කරමින් අපි සමු ගතිමු.

Show Notes (ශො සටහන්)

බුද්ධික සිද්ධිසේන

ඔබ යහලු-යෙහෙලියන් සමග එළිමහනේ කාලය ගත කරමින් සිටින මොහොතක මොනයම් හේතුවක් නිසා අන්තර් ජාලයට පිවිසෙන්න හිතුනොත්, මෙම උපදෙස් පිලිපැදීමෙන් එය පහසුවෙන් ඔබට ග්නූ/ලිනකස් හරහා කළ ගත හැක.

අවශ්‍ය දෑ

  1. පරිගණකයක් (අමතරව bluetooth/bluetooth dongle) :)
  2. wvdial ඇතුලත් ග්නූ/ලිනකස් පද්ධතියක් (අමතරව bluetooth පැකේජ ස්ථාපිත කර තිබීම)
  3. GPRS/3G ෆෝන් එකක්

ඔව්, එච්චරයි අවශ්‍ය. ඩ්‍රවර් CD අනවශ්‍යයි.

A ක්‍රමය: USB හරහා

මෙය ඉතා පහසුවෙන් ෆෝන් එකට සරිලන USB කේබලය යොදාගනිමින් කළගත හැකිය. කළ යුත්තේ කේබලය ෆෝන් එකට සහ USB port එකට සවි කිරීමයි. මෙහිදී ෆෝන් එකෙන් එය USB disk එකක් ලෙස භාවිතා කරන්න දැයි ඇසූ විට එයට එපා (No) කියන්න.

ඉන්පසු command terminal එකක් ඇර, dmesg විධානය දෙන්න. ඉන් අපට kernel එකෙන් ලැබෙන තොරතුරු බලා ගත හැක. ඉන් මේ අවස්ථාවේ වැදගත් වෙන්නේ අවසානයට ඇති තොරතුරු විතරයි.

$ dmesg

Linux version 2.6.22-3-686 (Debian 2.6.22-6.lenny1) (sf@debian.org) (gcc version 4.1.3 20071209 (prerelease) (Debian 4.1.2-18)) #1 SMP Sun Feb 10 20:20:49 UTC 2008
BIOS-provided physical RAM map:

………..

usb 1-1: new full speed USB device using ohci_hcd and address 4
usb 1-1: configuration #1 chosen from 1 choice
drivers/usb/class/cdc-acm.c: Ignoring extra header, type -3, length 4
cdc_acm 1-1:1.1: ttyACM0: USB ACM device
usbcore: registered new interface driver cdc_acm
drivers/usb/class/cdc-acm.c: v0.25:USB Abstract Control Model driver for USB modems and ISDN adapters

ඉහත උදාහරනයේදි පෙනෙන පරිධි dmesg එකෙන් ලැබෙන දත්තයෙන් වැදගත් වන්නේ ttyACM0 කියන device එකයි. එනම් ෆෝන් එකේ modem එකට /dev/ttyACM0 නැමති device file (ලිපිය) මගින් සම්බන්ධ කළ හැකිය. ඇතැම් ෆොන් හෝ 3G USB modems /dev/ttyUSB0 වැනි device file ලෙස දැකගත හැක. මෙය මතකයේ රැඳෙමින් අපි දැන් B ක්‍රමය වෙත යොමු වෙමු.

B ක්‍රමය: Bluetooth හරහා

මෙම ක්‍රමය තරමක් සංකීර්ණ වූවද, කිසිදු කේබලයකින් තොරව යොදාගත හැකිවීම නිසා වඩා ප්‍රයෝජනවත් වේ. ඔබේ ලිනක්ස් එකේ bluetooth වැඩකරනවා ඇතැයි අපි උපකල්පනය කරමු :)

මුලින්ම ඔබේ හෝ වෙනත් අයකුගේ ෆෝන් එකේ bluetooth on කරන්න. ඉන් පසු commandline terminal එක විවෘත කර, පහත සඳහන් විධානය මගින් ෆොන් එකේ bluetooth ID එක ලබාගන්න.

$ sudo hcitool scan

Scanning …
00:A4:17:3A:63:CA Nokia 6230i

$ sudo rfcomm bind 0 00:A4:17:3A:63:CA

ඉහත විධානයෙන් /dev/rfcomm0 (bind 0 නිසා) Nokia ෆෝන් එකට බැඳෙනු ඇත. එනම් ඉහත /dev/ttyACM0 පරිධි ෆොන් එකේ modem සමග සම්බන්ධ විය හැක.

ඇතැම් අවස්ථාවල ඉහත විධානය දීමේදි චැනල අංකයක් නොදුන්නොත් වැඩ නොකරීමට ඉඩ ඇත. එවිටක පහත දැක්වෙන පරිධි චැනල අංකය සොයාගත හැක.

$ sudo sdptool search DUN

Inquiring …
Searching for DUN on 00:A4:17:3A:63:CA …
Service Name: Dial-up networking
Service RecHandle: 0x10000
Service Class ID List:
“Dialup Networking” (0x1103)
“Generic Networking” (0x1201)
Protocol Descriptor List:
“L2CAP” (0x0100)
“RFCOMM” (0x0003)
Channel: 1

$ sudo rfcomm bind 0 00:A4:17:3A:63:CA 1

අවසාන අවධිය – ඇමතීම

පහත දැක්වෙන අන්දමට /etc/wvdial.conf ලිපියතුලට ෆෝන් එකේ modem සමග සම්බන්ධවීමට අවශ්‍ය කරුනු ලබා දෙන්න.

$sudo vi /etc/wvdial.conf

[Dialer Defaults]
Init = ATZ

# Bluetooth
Modem = /dev/rfcomm0
# USB
##Modem = /dev/ttyACM0
# IR (yes possible, not covered above)
#Modem = /dev/ircomm0

# Uncomment speed if needed. Else auto
# Baud = 115200

SetVolume = 0
Dial Command = ATDT
Init1 = ATE1
FlowControl = crtscts

Username = ” ”
Password = ” ”
Phone = *99#

# Some phones need a different number
#Phone = *99***1#
#Phone = #777
Stupid Mode = 1

$ sudo wvdial

wvdial Dialog
–> WvDial: Internet dialer version 1.56
–> Cannot get information for serial port.
–> Initializing modem.
–> Sending: ATZ
ATZ
OK
–> Modem initialized.
–> Sending: ATDT*99#
–> Waiting for carrier.
ATDT*99#
CONNECT
~[7f]}#@!

ඔබ bluetooth හරහා සම්බන්ධ වීමේ මුල් වතාවේදී ෆෝන් එක පරිගණකය සමග pair කිරීමට සිදුවනු ඇත. මේ සඳහා X-windows උඩ දුවන bluez-pin හෝ Gnome උඩ දුවන bluetooth-applet හෝ kde උඩ දුවන kbluetooth තිබුනොත් පහසුවෙන් pin එක ලබාදිය හැක.

දැන් ඉතින් අන්තර්ජාලය ප්‍රවෙසමින් පාවිච්චිකරන්න. ෆෝන් බිලෙන් ප්‍රවේසම්වන්න!

බුද්ධික සිද්ධිසේන

සජීවි සංයුක්ත තැටි (Live CD) යනුවෙන් අප හඳුන්වන්නේ කිසියම්‍ ස්ථාපිත (install) කිරීමකින් තොරව භාවිත කළ හැකි මෙහෙයුම් පද්ධති (OS) රැගත් CD තැටි වේ.

Live CD ගැන කතා කිරීමේදී ග්නූ/ලිනක්ස් (GNU/Linux) OS එක විශේෂ තැනක් ගන්නේ එය දැන් සෑහෙන කලක සිට, ඉතා සාර්ථක ලෙස Live CD ආකාරයෙන් ලබාගත හැකි වීම නිසයි.

ඕනෑම පරිගණකයක් ආරම්‍භ(boot) කිරීමට හැකිවන ලෙස Live CD එකක් නිපදවීම, අප සිතනවාට වඩා බැරෑරුම් කාර්යයකි. මන් ද OS එක boot වීමේදී එයට දුවන දෘඩාංග පද්ධතිය (Hardware platform) ගැන කිසි පූර්ව දැනුමක් නොමැති වීමයි. එනම් OS එක පටන් ගැනීමේ සිට desktop එක පෙනෙන මොහොත දක්වා ඇති කාලය තුළ, එක් වරම සහ ක්ෂණික ලෙස, දෘඩාංග හඳුනා ගෙන, ඊට අදාල ඩ්‍රයිවරය (driver) ක්‍රියාත්මක කළ යුතුය. ඒ විතරක් නොව, දෘඩාංග තැටි (Hard disk) මෙන් CD තැටි වල දත්ත නැවත නැවතත් ලිවිය නොහැකි වීම නිසා (Read-only), පරිගණකයේ ඇති ප්‍රධාන මතකයෙන් (main memory) කොටසක් තාවකාලික තැටියක් (temporary virtual disk) ලෙස යොදා ගැනීමට සිදුවේ. මෙහි අවාසනාවන්ත ප්‍රතිඵලයක් ලෙස මෘදුකාංග දිවීමට ඇති RAM ප්‍රමාණයේ අඩුවීමක් සිදුවනු ඇත. මේනිසා බොහෝ Live CD පිළිගත හැකි ආකාරයකට ක්‍රියාත්මක කිරීමට අඩුම තරමින් 128MB RAM වත් නිර්දේශකර තිබේ.

සජීවී සංයුක්‍ත තැටි(Live CD) වල අපට දක්නට ලැබෙන තාක්ෂණික දස්කම් බොහෝය. ඉන් ප්‍රධාන එකක් ලෙස වැඩි දත්ත ප්‍රමාණයක්; එනම් 700 MB වලට වඩා වැඩි ප්‍රමාණයක් (1.5GB) සම්පීඩනය (compress) කොට ගබඩා කර; අවශ්‍යය වූ විටක නැවතත් එවෙලේම අසම්පීඩනය (on-the-fly decompression) කළ හැකි වීම දැක්විය හැක.

Live CD භාවිත කිරීමෙන් අපට වාසි කිහිපයක් ලබාගත හැක:-

  • විවිධ වර්ගයේ මෘදුකාංග (විශේෂයෙන්ම මෙහෙයුම් පද්ධති/OS), ස්ථාපිත කිරීමකින් තොරව අත්හදා බැලිය හැකි වීම.
  • OS ස්ථාපිත කිරීමට පෙර අත්හදා බැලීම හෝ වෙනස් කිරීම (customization).
  • ක්‍රියා විරහිත වූ OS එකකින් දත්ත සුරැකීමට හෝ එවැනි OS එකක් ගොඩ ගැනීමට උපකාරකයක් ලෙස භාවිත කිරීම.
  • පොදු ස්ථානයක ඇති පරිගණකයක් භාවිත කිරීමේදී එහි ඇති OS එක වෙනුවට තමන්ගේම OS එකක් Live CD එකක් වශයෙන් භාවිත කිරීම. මෙනිසා දත්ත සඳහා වැඩි සුරක්‍ෂිතභාවයක් ද ලැබෙනු ඇති.

මෙසේ වාසි තිබුණද Live CD භාවිතයේදී අපට මුහුණ පාන්ට වෙන ප්‍රධාන අවාසියක් ලෙස සංයුක්ත තැටි කිය වන වේගය නොහොත් දත්ත හුවමාරුවන වේගය අඩු වීම සඳහන් කළ හැක.

මෙවන විට, Live CD ඉතා ජනප්‍රිය වී ඇති අතර එයට හොඳ උදාහරණයක් ලෙස ග්නූ/ලිනක්ස් බෙදාහරින්නන් අතරින් Live CD තාක්ෂණය උපයෝගි කර ගැනීමේ වර්ධනයක් ඇතිවී තිබීම දැක්විය හැකිය. Live CD මෙන්ම Live DVD ද දැන් දැන් භවිත වීමට පටන්ගෙන ඇත.

පහත දැක්වෙන්නේ එවැනි ප්‍රචලිත Live CD/DVD ව්‍යාපෘති කිහිපයකි.

මීට වඩා දීර්ග ලැයිස්තුවක් සඳහා මෙම විකිපීඩියා ලිපිය බලන්න.

Live CD එකක් වෙනස් කොට, අපේම මෘදුකාංග සහ අනෙකුත් වෙනස්කිරීම් රැගත් Live CD එකක් නපද වන්නේ කෙසේද යන්න පිළිබඳව ලිපියක් නුදුරු අනාගතයේදි බලාපොරොත්තු වන්න.

Page 20 of 21« First...10...1718192021