Posted by: seejay in Blog
ෆයර්ෆොක්ස් බ්‍රවුසරය සම්මත තත්වයෙදි සුසර කරලා තියෙන්නේ Dial Up සඹදතා භාවිතා කරන්නන් වෙනුවෙනුයි. අධිවේගී BroadBand භාවිතා කරන්නන්ට එහි උපරිම ඵල නෙලාගන්න අපි මේ කියලා දෙන්න යන උපායන් වෙදගත් වෙයි කියලා හිතනවා. හරි මෙන්න මෙකයි කරන්න තියෙන්නේ.
ෆයර්ෆොක්ස් Address Bar එකේ about:config කියලා ලියලා Enter බොත්තම ඔබන්න
එතන තියන filter කියන තැන network.http කියලා ටයිප් කරන්න ඊට පස්සේ පහත තියන විදියත වෙනස්කම් කරන්න.
network.http.pipelining කියන එක true කරන්න.
network.http.proxy.pipelining කියන එකත් true කරන්න.
network.http.pipelining.maxrequests කියන තැනට 30 විතර දමන්න. ඒ මඟින් ෆයර්ෆොක්ස් බ්‍රවුසරයට එකවර ඉල්ලීම් 30 කරන්න හැකියාව ලැබෙනවා.
ඊලඟට ඔනෑම තැනක මවුස් එකේ දකුනු බොත්තම ඔබලා New-> Integer තෝරන්න එහි name එකට nglayout.initialpaint.delay කියලා දෙන්න එකෙ value එකට 0 (බිංදුව) දෙන්න. එමගින් විධානයක් සක්‍රීය කිරීමට පෙර බ්‍රවුසරය බලා සිටින කාලය ශුන්‍ය බවත පත් කරයි.
ඔන්න ඔය ටික හරියත කලොත් ඉතින් ඔයාලාගේ අන්තර්ජාල සැරිසැරීමේ වේගය සැහෙන්න වැඩි කරගන්න පුලුවන් වෙයි.
Posted by: chanux in Blog
“නිදහස් මෘදුකාංග” යන්න ඇසූ පමනින් ඔබේ මනස දෙලොවක අතරමං වේද? නැති නම් ලෝක කිහිපයක?.අද සිට සියලු දුර්මතයන් අමතක කර දමන්න මෙය කියවන්න.
විවෘත කේත මෘදුකාංග යන්න බොහෝ අය බොහෝ විට නිදහස් මෘදුකාංග සමග පටලවා ගනී. නමුත් විවෘත කේත මෘදුකාංග සහ නිදහස් මෘදුකාංග යන්න හාත්පසින් වෙනස් මතෘකා දෙකකි.
රිචඩ් එම් ස්ටෝල්මන් 80 දශකයේ මුල් භාගයේ ග්නූ ව්‍යාපෘතිය ඇරඹීමත් සමග නිදහස් මෘදුකාංග යන්න කරලියට පැමිනුණි. ඔහුගේ වෑයම වූයේ සම්පූර්ණයෙන්ම නිදහස් මෙහෙයුම් පද්ධතියක් නිරමාණය කිරීමයි. එය
යුනික්ස් මෙහෙයුම් පද්ධතියේ ආරට යමින් නිර්මාණය වීය. GNU යන්නෙහි අරුත Gnu is Not Unix හෙවත් ග්නූ යනු යුනික්ස් නොවේ යන්නයි. මේ සමගම එලි දැක්වුනු GPL(General Public Licence) යන්න
නිදහස් මෘදුකාංග ආවරණය සඳහා හඳුන්වා දෙන ලදී.
නිදහස් මෘදුකාංගයක තිබිය යුතු ගුණාංග 4කි.
Freedom 0 : The freedom to run the program a you wish.
නිදහස 0: වැඩසටහන කැමති පරිදි භාවිත කිරීමේ නිදහස.
Freedom 1 : The freedom to study the source code and changing it to do what you wish.
නිදහස 0: ප්‍රභව කේතය අධ්‍යයනයට සහ වෙනස් කිරීමට නිදහස.
Freedom 2 : The freedom to make copies and to distribute to the others.
නිදහස 0: මෘදුකාංගය පිටපත් කිරීමේ සහ අන් අයට ලබා දීමේ නිදහස.
Freedom 3 : The freedom to publish or, more generally, distribute modified versions.
නිදහස 0: වෙනස් කරන ලද මෘදුකාංග පිටපත් බෙදා හැරීමේ නිදහස
කිසියම් මෘදුකාංගයක් නිදහස් මෘදුකාංගයක් වීමට ඉහත සියලු ලක්ෂණ දැරිය යුතුය.
විවෘත කේත මෘදුකාංග යන්න ලෝකයට බිහි වූයේ 1998 දීය. බෲස් පෙරන්ස් සහ එරික් එස් රේමන් මූලිකත්වයෙන් මෙය ඇරඹුනේ Netscape communicator විවෘත කේත මෘදුකාංගයක් බවට පත් කරමිනි.
කෙසේ වෙතත් මේ වන විට විවෘත කේත මෘදුකාංග ඉතා ජනප්‍රිය වී ඇත. එම නිසා මේ දෙක අතර මැද මාවතක් තෝරා ගනිමින් ඒ දෙක පිළිබඳවම කතිකා කිරීමේ පහසුවට “නිදහස් හා විවෘත කේත මෘදුකාංග”
යන යෙදුම අද අපි “සිංහලෙන් ෆොස්” තුළ භාවිත කරමු.
Posted by: chanux in Blog
මවුන්ට් කරන එක ප්‍රෂ්ණයක් වෙලා තිබුනද?, මවුන්ට් කරන්න ගිහින් ග්නූ/ලිනුක්ස් තිත්ත උනාද?, “මවුන්ට් නං ඕන්නෑ”ද? ඔය ඔක්කොටම බේත මං ගෙනාවා.
නිකම්ම නිකං මවුන්ට් කරන්න…
mount /path_to_device /path_to_directory
උදා: mount /dev/hda1 /media/hda1
මෙහි /dev/hda1 යනු උපාංගයේ පෙතයි(path). SATA දෘඩ තැටි හෝ USB Flash ධාවක සඳහා මෙය sda0,sda1…,sdb1,sdb3 ආදී වශයෙන් පැවතිය හැක.
CD-ROM ධාවක සඳහා cdrom0.. ආදී ලෙසද පැවතිය හැක. මෙම අංකනය ඔබ අධ්‍යයනය කළ යුතුය.
මේ පිළිබඳ අදහසක් ලබා ගැනීමට cat /etc/fstab යන්න විධාන රේඛාවේ සටහන් කර බලන්න.
මෙහි /media/hda1 යනු මවුන්ට් වන ස්ථානයයි. එය විවිධ ලිනක්ස් මෙහෙයුම් පද්ධති අනුව් වෙනස් විය හැක. ඔබට අවශ්‍ය නම් ඔබට කැමතී කවරයක(folder) පෙත මීට ලබා දිය හැක.
අන්මවුන්ට් කරන්න…
unmount /path/to/device
මෙහි /path/to/device යනු උපාංගයට පෙතයි.
ලිවීමේ හැකියාව සමග නැවත මවුන්ට් කිරීමට…
mount -o rw,remount /path_to_device
මෙය කිරීමට සිදු වන අවස්ථාද කලාතුරකින් හෝ එළඹේ.
.iso ගොනුවක් මවුන්ට් කිරීම…
mount -t iso9660 -o loop /path_to.iso /path_to_directory
mount -t iso9660 -o ro,loop=/dev/loop0 /path_to.iso /path_to_directory
මෙහි /path_to.iso යනු ඔබට මවුන්ට් කිරීමට අවශ්‍ය .iso ගොනුවේ පෙතයි. /path_to_directory යනු ඔබට එය මවුන්ට් කිරීමට අවශ්‍ය කවරයයි.
ඉහත දෙවනුව් දක්වා අති විධානයෙන් ලිවීමේ හැකියාව නොමැතිව මවුන්ට් කළ හැක.
ලිනක්ස් හිදී ඔබට .iso ගොනු බොහොමයක් භාවිත කිරීමට සිදු වනු ඇත. එනිසා මෙය ප්‍රගුණ කරන්න.
ඔබ සතු CD/DVD මගින් .iso ගොනු සාදා ගන්නා අයුරු පසුව කියා දෙන්නම්.
එතෙක් ඔබේ මතකයට…Chanux හොර වෙදෙක් නෙමෙයි….
root භාවය ලබා ගැනීමෙදී ඔහුගේ මුර පදය (password), users කිහිප දෙනෙකු අතර හුවමාරු කර ගැනීම, ආරක්ෂාව අතින්නම් එතරම හොඳ නෑ. මන්ද වරදක් සිදුවූ විට එය කා අතින් සිදුවුනාද, කා අතින් පාවා දීමක් සිදුවුනාද කියන්න නිගමණය කිරීම අපහසු බැවෙන්.
මේනිසා දැන් දැන්, නූතන ග්නූ/ලිනක්ස් බෙදාහරින්නෙො su වෙනුවට, sudo යොදා ගනිමින් සිටිනවා.
su මෙන් නොව sudo භාවිතයේදී පදු මුර පදයක් වෙනුවට, තමන්ගේම මුර පදය (user’s own password) යොදා ගැනීමෙන් root භාවය ලබා ගත හැක. එහෙත් ඕනෑම කෙන්කුට තමන්ගේ මුර පදය යොදා root වෙන්න දුන්නොත් ඊටත් වඩා ප්‍රශ්න මතු විය හැකි නිසා එය වෙශේෂිත ක්‍රමයකට කළ යුතුය. පහත දැක්වෙන්නේ එවන් ක්‍රමයකි. මෙය එක්තරා ක්‍රමයක් පමනයි.
මුලින් අපි admin නැමති group එකක් එකතු කරමු
# group add admin
දැන් bud නැමති user ව admin group එකට ඇතුලත් කරමු
# gpasswd -a bud admin
මෙය තමයි වැදගත් දේ. එනම් sudo කළ හැකි අය කියන ආකරය.
#visudo
%admin ALL=(ALL) ALL
මෙයින් කියවන්නේ admin group එකෙ සිටින අයට ඕනෑම විධානයක්, ඕනෑම host(සවරයක) එකක ඕනෑම user කෙනෙක් ලෙස දිවිය හැකි බවයි.
මෙමගින් අපට වඩා සිරක්‍ෂිතව root භාවය අවශ්‍ය අයට ලබා දිය හැක.
Posted by: chanux in Blog
ජංගම ෆයර්ෆොක්ස් වින්ඩෝස් සමග භාවිත කරන ඔබට එය මහත් පහසුවක් වන්නට ඇති. දැන් එම පහසුව තරමක් දුරට ග්නූ ලිනක්ස් සමගද අත් විඳිය හැකියි.ඒ සඳහා ඔබ පියවර 4ක් සම්පූර්ණ කළ යුතුයි.
ඔව් පුංචි පියවර 4යි. එයිනුත් දෙකයි අත්‍යවශ්‍ය.
පළමුව ඔබේ ෆ්ලෑශ් ධාවකයේ (Flash drive) ජංගම ෆයර්ෆොක්ස් [http://portableapps.com/apps/internet/firefox_portable]ස්ථාපිත කර තිබිය යුතයි.
දෙවනුව fxp.txt [http://www.box.net/shared/10opvvns4c]භාගත කර ෆ්ලෑශ් ධාවකයේ තබා ගත යුතුයි.
තෙවැන්න පහත විධාන ලිනක්ස් විධාන රේඛාවේ (Command line) සටහන් කරන්න.
cat >> /path/to/profiles.ini /path/to/fxp.txt
මෙහි /path/to/profiles.ini යනු ඔබේ ලිනක්ස් පද්ධතියේ ෆයර්ෆොක්ස් profile දත්ත සටහනට පෙතයි(path). එය පහත උදාහරණයට ආසන්න ලෙස පවතිනු ඇති.
උදා: /home/chanux/.mozilla/firefox/profile.ini
මෙහි /path/to/fxp.txt යනු ඔබේ ෆ්ලෑශ් ධාවකයේ තබා ගත යුතු fxp.txt ගොනුවට අදාල පෙතයි. එය පහත උදාහරණයට ආසන්න ලෙස පවතිනු ඇති.
උදා: /media/flashdrive/fxp.txt
සිව් වැන්න profile manager භාවිතයෙන් ජංගම ෆයර්ෆොක්ස් පරොෆයිල් එක විවෘත කිරීමයි. ඒ සඳහා
විධාන රේඛාවේ හෝ “run command” විධාන කොටුව තුල
firefox -ProfileManager ලෙස සටහන් කිරීමයි. මෙහිදී ඔබ විධාන රේඛාව තෝරා ගන්නේ නම් එම විධාන රේඛාව නිරතුරුව විවෘතව පැවතිය යුතුයි.
fxp.txt ගොනුව තුල අඩංගු දෑ සලකා බලමු,
[Profile1]
Name=portable
IsRelative=0
Path=/media/disk/FirefoxPotable/Data/profile
Name=
මෙහිදී ඔබට කැමති නමක් භාවිත කළ හැකියි. එය profiles.ini තුල ඒකීය විය යුතුයි.
IsRelative=0
මෙය ඔබට එතරම් වැදගත් නැත.
Path=
මෙහි සටහන් වන්නේ ඔබේ ජංගම ෆයර්ෆොක්ස් profile කවරයට (folder) පෙතයි. [මෙය ඔබ එම කවරය තළ සිටින විට ගොනු ගවේශකයේ(file browser) ලිපින රේඛාවේ (address bar) දැක ගත හැක.]
වැදගත්:
මෙහි [Profile1] යන්න ඔබේ profiles.ini හි පිළිවෙලට ගැලපෙන පරිදි ඇත්දැයි සැක හැර ගන්න.
fxp.txt ගොනුවේ පළමු පේළිය හිස්ය, එය එසේම තබන්න.
මෙය මුලදී තරමක් අපහසු වුවත් පසුව එය පහසු වනු ඇති. එමෙන්ම මෙය වඩාත් පහසුවෙන් කිරීමට shell script එකක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු.
මෙමගින් ඔබේ ප්‍රියතම ෆයර්ෆොක්ස් දිගු (extensions), book marks ඔබට නිවසේදී මෙන්ම පෙම්වතා/පෙම්වතියගේ නිවසේදී, කාර්යාලයේදී වුවද භාවිත කළ හැකි වනු ඇත.
මෙලෙසම ඔබට ලිනක්ස් වින්ඩෝස් ද්විත්ව පණගැන්වුමකදීද (dual boot) එකම ෆයර්ෆොක්ස් profile එක භාවිත කළ හැක. ඒ පිළිබඳ වැඩි විස්තර පසුවට….