Posted by: chanux in Blog
වින්ඩෝස් එක්ස්.පී.යන්නෙ ඉබි ගමනින්ද? විස්ටා දාන එක හීනයක්ද? පරිගණකය විසි කරන්න වෙලාද? හෝව්! හෝව්!! හෝව්!!!
ග්නූ/ලිනක්ස් වලට පිං සිද්ධ වෙන්න දැන්ම ඕක විසි කරන්න ඕන නෑ. ගැලපෙන ලිනක්ස් පද්ධතියක් තියේ නම් තව කාලයක් ඕක දුවන්න පුළුවන්. ඒ වගේ ලිනක්ස් පද්ධති කිහිපයක් ගැන කියන්නයි මේ හදන්නෙ. මේ කියන ඒවා නම් ගොඩක් පරණ පරිගණක වලට හොඳයි. වින්ඩෝස් දුවන්න බැරි වුනාට අළුත් ලිනක්ස් පද්ධති බොහෝ විට හොඳට දුවයි.
Damn Small Linux.
ඩෑම් ස්මෝල් ලිනක්ස් කියන්නෙ ගොඩාක් බරින් අඩු ලිනක්ස් පද්ධතියක්. මුළු ප්‍රමාණය 50MB විතර ඇති. එය ගොඩක් ලස්සන නැති වුනත් පරණ පරිගණකයකට ඉතා හොඳයි. එහි අතුරු මුහුණතට
හුරු වීමට නවකයකුට තරමක් කල් ගියත් එය ප්‍රශස්ථයි. මෙය knoppix liniux පාදක කොට තැනූවක්.
Puppy Linux.
පපි ලිනක්ස්ද ඩෑම් ස්මෝල් ලිනක්ස් වලට ඉතා සමීපයි. එහි වෙනස එය මුල සිට ගොඩ නගා ඇති Linux From Scratch ආකාරයේ එකක් වීමයි.
Xubuntu
උබුන්ටු දැන් කවුරුත් දන්නා ජනප්‍රිය මෙහෙයුම් පද්ධතියක්. එහි බරින් අඩු සංස්කරණයක් තමයි Xubuntu. එහි XFCE නමැති සැහැල්ලු වින්ඩෝ කළමනාකරු භවිත කර තිබෙනවා.
E-live
ඕබේ පරණ පරිගණකයේ RAM මතකය 128MB ට වැඩි නම් මෙන්න කියාපු බඩුව. එය ඉතාම ලස්සනයි. එය ආරම්භ වන විට 128MB ට අඩු නම් ප්‍රමාණවත් නොවන බව කිවූවත් ඒ බොරු.
එහි Enlightenment නම් වින්ඩෝ කළමනාකරු භාවිත කර තිබෙනවා. මගේ මිතුරන් කිහිප දෙනෙකුගේම පැරණි පරිගණක වල මම මෙය පිහිටුවා තිබෙනවා. ඒවා ඉතා හොඳින් වැඩ.
ඉහත සඳහන් කළේ මෙවන් ලිනක්ස් පද්ධති කිහිපයක්. තවත් ඒවා සොයා ගන්න මෙය කියවන්න. ඉදිරියටත් අප හා රැඳී සිටින්න.
Posted by: seejay in Blog
අපි ෆයර්ෆොක්ස් 3 එනකල් බලන් ඉන්නේ ගිය අවුරුද්දේ ඉඳලා. එත් තවම ඉතින් තියෙන්නේ බීටා සංස්කරණනේ. එවත් හොඳයි , හැබැයි තවම අපි භාවිතා කරන Extensions ගොඩක් 3 බීටා එක්ක වැඩ කරන්නේ නෑ. Extensions හදන අය ඉන්නේ ෆයර්ෆොක්ස් 3 නිකුත් එවා යාවත්කාල කරන්නයි. එකත් ඉතින් අපිත් මේ අය වැඩේ ඉවර කරන කල් බලන් ඉන්නවා.
එහෙම බලන් ඉන්න අයට තමා මෙ ආරංචිය. ෆයර්ෆොක්ස් 3 අනිවාර්යයෙන්ම ජුනි මාසේ නිකුත් කරන බව අපිට විශ්වාස කටයුතු මාර්ගයකින් දැනගන්‍න ලැබුනා. මෙ පාර නම් වැඩෙ ෂුවර්! අමතක කරන්න එපා! “සිංහලෙන්FOSS කියපු දෙයක් වැරදිලා නෑ” 😀
සැම ලිනක්ස්/යුනික්ස් පද්ධතියකම පාහේ ජාලය සැකසීමට gui උපකරණ (gui tool) තිබුනද ඒවා එම පද්ධතියට ආවේනික ඒවා ය. එනම් ඔබට පුරුදු නැති යුනික්ස් පද්ධතියක් හමුවුනු විට ජාලය සැකසීමට පෙර එම උපකරණය පිළිබඳව ඉගෙන ගත යුතුය. ඒ වෙනුවට සෑම යුනික්ස් පද්ධතියකම පහේ ඇති ifconfig නැමති උපකරණ ඉගෙන ගැනීම වාසිදායක වේ.
සටහන්:
ජාල අතුරු මුහුනු (network interfaces) දැක්වීමට
# ifconfig -a
ජාල අතුරු මුහුනතක් පහත දමන්න හො නැවත ක්‍රියාත්මක කරන්න
# ifconfig eth0 down
# ifconfig eth0 up
ජාල අතුරු මුහුනතකට IP address එකක් ලබා දීමට
# ifconfig eth0 192.168.1.100
# ifconfig eth1 10.0.1.100 netmask 255.255.240.0
ifconfig එකට අමතරව තවත් වැදගත් වන, සෑම යුනික්ස් පද්ධතියක ඇති විධායකයක් නම් route ය. අපට වෙනත් ජාලයකට සම්බන්ධ වීමේදී අවශ්‍ය default gateway එක මෙම විධායකය මගින් මෙලෙස දිය හැක.
# route add default gw 192.168.1.254
default gateway එක ඉවත් කිරීමට
# route del default
default gateway එක දැක බලා ගැනීමට
# route
# netstat -r
මීට අමතරව අන්තර් ජාලයේ ඇති වෙබ් අඩවි වැනි දේ භාවිතා කිරීමෙදී IP address වෙනුවට මිනිසුන්ට පැහැදිලි DNS භාවිතා කරන අතර එය වෙනුවෙන් අවශ්‍ය DNS සවර /etc/resolv.conf එකට ඇතුලත් කළ යුතුය.
# echo ‘nameserver 203.115.0.43′ > /etc/resolv.conf
# echo ‘nameserver 203.115.0.46′ >> /etc/resolv.conf
නමුත් වඩාත් පහසු වන්නේ ඔබේ ජාලයේ DHCP සවරයක් මගින් ජාලය සැකසීම කරගැනීමය.
# dhclient eth0
# dhcpcd eth0
අපි බොහෙො දෙනා කැමති දෙයක් තෙබේනම් එය ජනප්‍රියත් වය පෙන්වන top charts. ලිනක්ස් බෙදාහරින්නන්ගේත් (Linux distributions) ජනප්‍රිය ලැයිස්තුවක් distro watch නම් වෙබ් අඩවියෙන් දැක බලා ගත හැකිය. මුලින් මෙම charts පෙන්වන්නේ පසු ගය මාස 6 දත්ත ඇසුර ගෙනවුවද Data span: drop-down යොදා එය පසු ගිය දින 7 දක්වාද ලබා ගත හැකිය.
ඊට අමතරව distro watch වෙබ් අඩවියෙන් ලිනක්ස් ඩිස්ට්‍රො ගැන තොරතුරු ද ලබා ගත හැක.
ගොඩක් අය හිතන් ඉන්නෙ hacker කෙනෙක් උනාම අනික් අයගෙ passwords බිඳ දමල, ඔවුන් ගේ accounts වලට ඇතුල් වෙලා, බැන්කු වලින් සල්ලි අවශ්‍ය ලෙස ගත හැකි සිරා උදවිය ලෙසටයි. සමහර විට මෙයට ජනමධ්‍ය විසින් ලබා දෙන වැරදි වචන භවිතය නිසාත්, Hackers වැනි Hollywood විත්‍රපට මගින් අප වෙත තැන්පත් කර ඇති ආකල්ප නිසා මෙය සිදුවෙන්නට ඇත. නමුත් ඔවුන්ට වැරදුනේ එතනයි.
මන්ද, FOSS සහ geek ලොකයේ නම්, hackers ල කියන්නෙ තරමක් සිරා, නමුත් හොර වැඩ, නීති විරෙොධී වැඩ කරන උදවියට නම් නොවෙයි. අප මෙවන් පුද්ගලයන්ට කියන්නෙ crackers කියලයි.
Crackers ල වැඩ කරන්නේ ඔවුන්ගේ පවුද්ගලික වාසි තකා පමණයි. ඔවුන් බොහෙො දෙනෙක් ඇත්තටම hack එක වැඩ කරන අන්දම ගැන දන්නෙ නෑ. ඔවුන් දන්නේ වෙනත් අයකු සොයා ගත් දෙයින් වාසි ලබා ගැනීම පමණකි.
Hackers ල කියන්නේ ඊට හාත් පසින් වෙනස් අය. ඔවුන් යමක් කරන්නේ එක්කො දැනට වඩා කෙටි ක්‍රමයක් හොයා ගැනීමට ඇති අශාව හෙො, තමන් ගේ නිදහසට භාදාවක් වන දෙයක් මඟ හරවා ගැනීම හෙො මෙතෙක් නොකල ජාතියේ වැඩක් කිරීමෙන් ලැබෙන තෘප්තිය හා පිළිගැනීම වැනි කාරන නිසාය.
ඔබටත් hacker කෙනෙක් වීමට අවශ්‍ය නම් ඒ සඳහා මහන්සි වීමට සිදු වනු ඇත. පහත දැක්වෙන්නේ ඔබ ප්‍රගුන කළ යුතු එවැනි කාරණා කිහිපයකි. සම්පූර්ණ විස්තරයක් සඳහා ESR ගේ How to become a hacker FAQ ලිපිය කියවන්න.
Hacker කෙනෙක් ගේ ආකල්පය:
- අලුත් ගැටලු විසඳීමට ඇති කැමත්තක්
- නිකරුනේ කාලය ගත කරන වැඩ අචම කිරීම. උද: tv එක ඉස්සරහා පැය ගනන් ගත කිරීම. එවෙනුවට මනස ව්‍යයාම වන ප්‍රහේලිකා හෙො චෙස්, සුඩොකො වැනි ක්‍රිඩා වල යෙදීම
- නිදහසට කැමැත්තක්. නිදහස වෙනුවෙන් කැපකිරීම් හො එය ලබා ගැනීමට උත්සහා කිරීම
- තනියම ඉගෙන ගැනීමට කැමැත්ත. ඒකියන්නෙ තනියම class යන එක නොවේ
Hacker කෙනෙක්ගේ මූලික හැකියාවන්:
- පරිගණක භාශා එකක් හො වැඩි ප්‍රමාණයක් දැන සිටීම. විශේෂයෙන්ම C/C++, Perl, Python, Bash Shell වැනි දේ දැන සිටීම
- පරිගණක මෘදුකාංග සම්පදනය කිරීමේ හැකියාව තිබීම.
- UNIX දැන සිටීම
- Commandline එකේ වැඩ කිරීමේ හැකියවක් තිබීම
- ඉන්ග්‍රිසි ප්‍රයෙොජනවත් තරමකට තේ රුම් ගැනීමේ සහ ලිවීමේ හැකියව