Posted by: chanux in Blog
සිංහලෙන් ෆොස් 51 වන වැඩසටහනින් ඔබ වෙත, ඇමරිකානු ජාතික අරක්‍ෂක ඒජනසියේ ලිනක්ස් පිළිබඳ මතය, මාක් ෂට්ල්ව(ර්)ත් ගේ උබුන්‍ටු අනාගත සිහිනය, මයික්‍රොසොෆ්ට් – CentOS අතිනත ගැනීම?, KDE5 ආගමනය?, ඇන්ඩ්‍රොයිඩ් ආරක්ෂක ගැටළු, මීගෝ නව නිකිතුව, මොනෝට යන කල දසාව, SUSE ලිනක්ස් ගෙ නිවාස මාරුව, රෙඩ් හැට් නිදහස් මෘදුකාංයක්ද යන ගැටළුව ඇතුළු තවත් බොහෝ දේ ඔබ වෙත ගෙන එන්නෙමු.
Show Notes (යොමු සටහන්)
Feature
- Command line tool nethogs for process wise monitoring local machine traffic.
සිංහලෙන් ෆොස් 50 වන වැඩසටහන නිකුත් කරන මොහොතේ පළමු කොට මෙතෙක් අප හා රැඳී සිටි ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිමු. අපගේ ගමනේ ශක්තිය වූ ඔබගේ සහය ඉදිරියේදීත් අපට නොඅඩුව ලැබෙනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.
මෙම සුවිශේෂී වැඩ සටහනෙන් කොටසක් ඔබ වෙත ගෙන එන්නේ RefreshColombo සහයෝගයෙන් පැවැත්වුනු Firefox 4 සාදය තුළ සිටයි. සුපුරුදු පුවත් විමසුමට පසුව එම විශේෂාංය සමග එක් වීමට ඔබට හැකිය. RefreshColombo – Firefox4 සාදයේ මලින්ත ගත් පින්තූර (විවෘත Facebook පිටුවකි) .
(පින්තූරය තමීරගෙන්)
මෙවර ප්‍රවෘත්ති අතර, Firefox – Linux මත දක්වන මන්දගාමී බව අඩු කිරීම, Firefox 5 නිකුතුව පිළිබඳ තොරතුරු, Slackware Linux නව නිකුතුව, Linux සිය දිවියේ විසි වසර සපිරීම, Rzip – නව හකුලන (compression) මෘදුකාංය, ගුප්ත ලිනක්ස් බල කළමණාකරන දෝෂය, Oracle ඔබ වෙත ගෙන එන OpenOffice විහිළු මෙන්ම RedHat ගෙන එන ජාවා අනුප්‍රාප්තික පරිගණක භාෂාව ඇතුළු තවත් බොහෝ තොරතුරු ඔබ වෙත.
OGG in low quality, small size [ 1:43:29 ] Download
Show Notes (යොමු සටහන්)
[display_podcast]
සිංහලෙන් ෆොස් (50-1) වෙතින් ඔබට මෙවර…
නොකියා වින්ඩෝස් ෆෝන් 7 සමග හාද වීම සහ එය මීගෝ, Qt බඳු FOSS ව්‍යාපෘති වලට බලපාන ආකාරය පිළිබඳ කතා බහක්, වින්ඩෝස් ෆෝන් මාකට් තුළ නිදහස් හා විවෘත මෘකාංග වලට දොර වැසීම, ඉන්ටෙල් මීගෝ සමග ඉදිරියට යාම, ෆයර්ෆොක්ස් නව මාවතකට යාම, ග්නෝම් ශෙල් නව තතු, ෆෙඩෝරා – ඕපන් සුසෙ යුනිටි අත් හැරීම, ජරමන් විදේශ සේවා කාර්යාලය ලිනක්ස් අත හැරීම, කැනොනිකල් බැන්ෂීට කරන කෙණෙහිලි ඇතුළු තවත් බොහෝ තොරතුරු රැසක් අසා දැන විඳ ගත හැක .
(Image via reddit | click to have a good geeky laugh)
විශේෂාංග ලෙස ලිනක්ස් විධාන රේඛාව (command line) තුළ සැරිසැරීම පහසු කරවන z වැඩසටහන අතුළු තවත් ඔත්තු කිහිපයක් ගෙන එමු.
Show Notes
Feature
දකුණු කොරියාවේ සිට සංස්කරණය කරන ලද 😉 සිංහලෙන් ෆොස් 48 වන වැඩ සටහනින් ඔබ වෙත…
ඩෙබියන් 6 ස්ක්වීස් නිකුතුව, ඇන්ඩ්‍රොයිඩ් 3.0 HoneyComb ටැබ්ලට් පරගණක සඳහා වන නිකුතුව, ෆෙඩෝරා නව තේමා වෙනස, මීගෝ සමග එන ටැබ්ලට් පරිගණක, VideoLan ව්‍යාපෘතියේ දස වස් සැමරුම, OpenOffice සහ LibreOffice සටන ඇතුළු තවත් බොහෝ පුවත් සමග ගොණු පද්ධති (File systems) වල වේගය සසඳන සමික්ෂණයක තතුද ඔබ වෙත ගෙන එන්නෙමු.
මෙවර විශේෂාංගය ලෙස විකි මෘදුකාංග පිළිබඳ තොරතුරු රැසක් ඔබ වෙත ගෙන එන්නෙමු.
Show Notes (යොමු සටහන්)
Feature
Wiki
Angry Birds Can be run on Linux
දෙමසක නිහැඬියාව බිඳ මෙවර සිංහලෙන් ෆොස් වෙතින් ඔබට, යට ගියාවේ වැදගත් කරුණු අතරින් මයික්‍රොසොෆ්ට් කයිනෙක්ට් ජනප්‍රියත්වය, උබුන්ටු X-server ඉවත දමා Wayland වෙත මාරු වීම, OpenBSD IPSEC කතාබහ, Oracle javaහි අනාගතය තීරණය කිරීමේ අයිතිය දිනා ගැනීම පිළිබඳ තොරතූරු ගෙන එමු.
නව තොරතුරු අතර… 2011ට FOSS අනාවැකි, LibreOffice හා OpenOffice නව තතු, Oracle – Google සටනේ නව තතු, ලිනක්ස් සැමට නව පැකේජ් මැනේජරයක්, ඕස්ට්‍රේලියාවේ අභ්‍යවකාශ වැඩසටහන බල ගැන්වීමට FOSS සහ ලිනක්ස්, උබුන්ටු පාදක කොට ගත් නව සරල මෙහෙයුම් පද්ධතිය ElementaryOS සහ FOSS හිත මිත්‍ර චමින්ද්‍ර ද සිල්වා සම්බන්ධව ලියූ විවෘත මෘදුකාංග සංවර්ධනය පිළිබඳ ග්‍රන්ථය ඇතුළු තොරතුරු රැසක් අඩංගු වේ.
Show Notes (යොමු සටහන්)
What we’ve missed.
New News
Shoutout
Credits