Posts Tagged ‘ෆොස් තොරතුරු’

3
Feb

අපේ රටේ FOSS හඩ

   Posted by: bud   in Blog

කාංචනා වෙලගෙදර

විද්‍යුත් තාක්ෂණ‌‌‌‌‌‌‌‌යේ දියුණුවත් සමග පෙරදිගින්‍ අපර දිගටත්‍ අපර දිගින්‍ පෙරදිගටත්‍ ගලා ගිය ‌විද්‍යා තාක්‍ෂණ ඥාණය ‌බොහොමයයි. මේ අතරින්‍ පරිඝණක තාක්ෂණය සුවිශේෂයි. මිනිසා වෙනුවට යොදා මිනිස් මොළයට හසුවන සියල්ල කරදෙන පරිඝණකය තවත් දෙව‌නි මිනිසෙක් නොවන්නේද?

මිනිසාට “මානව නිදහස” මෙන්‍ම පරිඝණකයටත්‍ “පරිගණක නිදහස” යන්‍න කතා කරන්‍නට පෙලබුනේ අද ඊයෙක නොවෙයි. මිනිසෙකුගේ මානව අයිතීන් සාධාරණව භුක්‍ති විදීමේ නිදහස ඇත්තාසේම පරිඝණකයකින්‍ ‌‌වැඩ කරවා ගැනීමේදී එය භාවිතා කරන්‍නාට (User) එහි මෘදුකාංග භවිතයේදී තිබිය යුතු නිදහස, ස්වාධිනත්වය සහ විවෘත බව අත්‍යාවශ්‍ය කාරණයකි.නිදභස් සහ විවෘත පරිඝණක මෘදුකාංග (Free and Open Source Software (FOSS) ) හාවිතයෙන් පමණක්‍ ඔබට මේ නිදහසේ සතුට බුක්ති විදීමේ ඉඩහසර සලසා දේ.

ලොව නන් දෙසින් නිපදවන නිදහස්‍ සහ විවෘත පරිඝණක මෘදුකාංග හා මෘදුකාංගකරණය පිළිබදව බල සම්පන්‍න හඩක් වර්තමානයේ ගොඩ නැගී තිබේ.මෙයට මූලික හේතුව වන්නේ නිදහස්‍ සහ විවෘත නොවන, අවසරපත්‍ මිලදි ලබාගතයුතු මෘදුකාංග (Proprietary software) තුල ඒවා භාවිතා කරන්‍නාට තිබෙන නිදහස ඉතා අසාධාරණ අයුරින්‍ සීමාවීමත්‍ ඒවාට අධික මිලක්‍ ගෙවීමට සිදුවීමත්ය.

මෙයට විසදුමක්‍ ලෙස ලොව වටා වෙසෙන ඉතාම දක්ෂ පරිඝණක ඉංජිනේරුවරුන්‍,මෘදුකාංග ඉංජිනේරුවන්‍, විශේ‍ෂඥයින්, නිර්මාණ ශිල්පින්‍ ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්ව එකට එක්වි ඉතා උසස් මට්‍ටමේ නිදහස්‍ සහ විවෘත පරිඝණක මෘදුකාංග (FOSS)නිපද වේ.මෙම නිදහස්‍ සහ විවෘත පරිඝණක මෘදුකාංගකරණයට(FOSS Development)තොරතුරැ තාක්‍ෂණ (Information Technology) අංශයට සම්බන්‍ධ ලක්‍ෂ සංඛ්‍යාත පිරිස්‍ ස්වෙච්ඡාවෙන් පරිඝණක මෘදුකාංගවල තත්‍වය නංවාලීම නොයෙක්‍ අයුරින් දායක වේ.

අන්‍තර් ජාතිකව හාදුනාගත්‍ FOSS මෘදුකාංගකරණයේ පෙර ගමන්‍ කරැවන්‍, දැවැන්තයන්‍ සමහරක්‍ පහත පරිදි වේ.

මේ සංවිධාන ආදායම් නොලබන (Non Profitable) සහ නිදහස්‍ සහ විවෘත පරිඝණක මෘදුකාංගකරණයට අවශ්‍ය යටතල පහසුකම් ලබාදෙන ස්වෙච්ඡා සංවිධාන වේ.

අපේ රට නිදහස්‍ සහ විවෘත පරිඝණක මෘදුකාංගකරණය සහ හාවිතය පිළිබදව ලොකයේ අනෙක්‍ රටවල්‍ අතර ඉදිරියෙන්‍ සිටින රටක්‍ බවට පත්‍වී ඇත. ශ්‍රී ලංකාවේ‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌ පරිඝණක ඉතිහාසය අවුරැදු 25 ක නොවැඩ් වුවත් මෙතෙක් මෙම FOSS නිසාවෙන්‍ රටට සිදුවන සේවාව නම් අනුපමේයයි. පාසැල්‍ සිසුවාගෙ පටන්‍ විශ්‍ව විද්‍යාල සිසුවා දක්‍වාද,පරිඝණක මුලික දැනුම ඇත්තාගේ පටන්‍ විශ්‍ව විද්‍යාල මහාචාර්යවරයා හා පරිඝණක විශේ‌‌‌‌ෂඥයා දක්‍වාද,සුඵ පරිමාණයේ සිට මහා පරිමාණයේ පරිඝණක සමාගම්ද,තොරතුරු තාක්‍ෂණ අංශයට සම්බන්‍ධ සියල්ලන්මද මෙම FOSS නිසා ප්‍රතිලාභ ලබන්නො වෙති.

FOSS මෘදුකාංගකරණය පිළිබදව දැනුවත්‍ කිරිම, FOSS යන මැයින්‍ අන්තර් ජාතික මට්‍ට‌මේ‌‌ වැඩමුඵ සංවිධානය කිරිම,FOSS මෘදුකාංගකරණයට අවස්‍ථා සලසා දීම,උපදේෂණය,FOSS මෘදුකාංගකරණයට මුදල් ආධාර සැපයිම,ලංකාව තුල තොරතුරු තාක්‍ෂණ අංශය FOSS තුලින් නංවාලීමට සහ ලංකාවේ පරිඝණක ඉංජිනේරුවන්, මෘදුකාංග ඉංජිනේරුවන්ගේ ඥාණය යොදා අන්තර් ජාතික මට්‍ටමේ සහ ගෙොලීකෘත මෘදුකාංග නිෂ්පාදනයට අවස්ථා සලසාදීම වැනි සුවිශේෂ සේවාවන් මේ අතර වේ.එපමණක්ද නොවේ අපෙ රට පරිඝණක ඥාණයෙන් ස්වයං පෝෂිත කිරීමටත්‍ විදේශ ඥාණය ලබාගැනිමට තවත්‍ ඉහල මිලක්‍ වැය නොකිරිමටත් මේ නිදහස්‍ සහ විවෘත පරිඝණක මෘදුකාංගකරණය නිසා හැකිවී තිබේ.

මේ සුවිශේෂ කාර්යයභාරයට මුලික වුවන්‍ කවුරැන්ද?අපේම රටේ බොහෝමයක්‍ පරිඝණක විශේෂඥයන්‍,මෘදුකාංග ඉංජිනේරුවන්, පරිඝණක මෘදුකාංගකරණ සමාගම් අධ්‍යක්‍ෂවරැන්,නිලධාරින්,විශ්‍ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරැන්,සිසුන් මෙන්ම මෙකී නොකී සියලු නිදහස් සහ විවෘත පරිඝණක මෘදුකාංගකරණයේ අගය වටහාගත්‍ පිරිසයි.

නිදහස් සහ විවෘත නොවු අවසරපත් මිලදි ගෙන පමණක් භාවිතා කලයුතු මෘදුකාංගකරණය(PROPIRITY SOFTWARE DEVELOPMENT) අභිබවමින්‍ හඩක්‍ නගන්‍නට තරම් ජවයක් මේ පිරිසට ලැබුනේ කෙසේද?හුදෙක්ම තම මනස,නුවන,බුද්ධිය නිදහසේ මෙහෙයවා පරිඝණකයෙන් උපරිම පරිබෝජනයක් ලබාගැනිමට ඔවුන්ට ඇති උත්සුක බව එයට හේතුවයි.මේ ජවය තුලින් ලංකාවෙහි බිහිවු ආදායම් නොලබන ස්වෙච්ඡා සංවිධාන සමහරක් පහත පරිදි වේ.

එලෙසින්ම මේ අපුරැ කර්යයන්ට විදෙස් සහ ලාංකිය පරිඝණක මෘදුකාංග සමාගම් (www.google.com, www.ibm.com, www.virtusa.com, www.wso2.com, www.hsenid.com, www.jkcs.com, www.eurocenterddc.com, www.thinkcube.com) වැනි පුද්ගලික සහ ICTA (www.icta.lk ) වැනි අර්ධ රාජ්‍ය ආයතන සහ කොළඹ විශ්ව විද්‍යාලය පරිඝණක පාසැල (www.ucsc.lk),මොරටුව විශ්ව විද්‍යාලය (www.cse.mrt.ac.lk)වල මැදිහත් වීම් තුලින්ද අනුග්‍රහකත්‍වයන් නොයෙක් අයුරින් ලැබේ.

මේ සියල්ල එක්ව ගොඩ නැගු ශ්‍රී ලාංකිය නිදහස් සහ විවෘත පරිඝණක මෘදුකාංග අගයන සැමගේ එකමුතුව www.foss.lk වෙබ් අඩවිය හරහා ඔබට වැඩිදුර විස්තර ලබා දේ.මෙය ලංකාවේ සියලු අස්සක් මුල්‍ලක් නෑර ස්වෙච්ඡාවෙන් එක්කාසු වු නිදහස් සහ විවෘත පරිඝණක මෘදුකාංගකරණය අගයන සියල්ලන්ගේම සුසැදි ජවයකි.

මේ ජවයෙන් අපේ ලාංකිය පරිඝණක ඉංජිනේරුවන් මුලිකත්වෙයන් දැනට බිහිකළ නිදහස් සහ විවෘත පරිඝණක මෘදුකාංග සමහරක් පහත දැක්වේ.

  • ග්නූ සිංහල යුනිකෝඩ්‍ GNU Linux Sinhala UNICode ( මෙම ලේඛණය සැකසිම සදහා භාවිතා කරන ලදි.)
  • ඇපැචී ඇක්සිස් සී++ වෙබ් සේවාව (Axis C++)
  • ඇපැචී මෝරා වෙබ් සේවාව(Axis Mora)
  • ඇපැචී ජාවා-2 වෙබ් සේවාව(Axis JAVA-2)
  • ඇපැචී සංදේශ – විශ්වාසනීය පණිවිඩ යැවීමේ වෙබ් සේවාව (Sandesha)
  • ඇපැචී මයිරේ (MIREA)
  • බහු මාධය්‍ය පණිවිඩ සේවා(Multi Media Messagine Service Centre)
  • ටැප්රොබේන් ලිනක්ස් සජීවි තැටිය (Taprobane Live CD)
  • සහන ආපදා කළමනාකරණ පද්‍ධතිය (Sahana Disaster management System)

මේ සියල්ල අන්තර් ජාතික මට්‍ටමේ මෘදුකාංග නිපැයුම් වන අතර ඉන් සමහරක් ව්‍යාපෘති සදහා විදෙස් පරිඝණක මෘදුකාංග ඉංජිනේරුවන්ගේ දායකත්වය පසු කාලිනව ලබාදෙන ලදි.එමනිසා මෙම සියලු මෘදුකාංග ගෝලීකෘත වී ඇත.

ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය(Linux Operating System) සදහා ඉංග්‍රීසි අක්ෂර විධානයන් වෙනුවට සිංහල අක්ෂර භාවිතයට සැකැස්මක්(GNU Linux Sinhala UNICode) ඇතිකිරිමෙන්‍ ලාංකියකරණය සිදුකිරිමට හැකිවිම අපට භාග්‍යයකි.ටැප්රොබේන් සජිවි තැටියද (Taprobane Live cd) එවැනිම ලාංකියකරණයකි.ඔබ හොදින් දන්නා පරිදි ටැප්රොබේන් යනු ඉතිහාසයේ ශ්‍රී ලංකාව හැදින් වූ තවත් නාමයකි.

එපමණක් නොවේ ඉහත කී මෘදුකාංග නිපැයුම් අද බොහොමයක් අන්‍තර් ජාතික තොරතුරු තාක්‍ෂණ ව්‍යාපාර අංශවල සහ සමාගම් වල භාවිතා වේ.එයම අප රටට අභිමානයක් නොවන්නේද?

සුනාමි ව්‍යවසනය ඇති වූ අවස්ථාවේ විපතටපත් වූ,අවතැන් වූ සහ අතරමං වූවන් සෙවීමටත්,ඔවුන්ගේ තොරතුරු එක්රැස් කිරිමටත්,ඔවුනට අවශ්‍යය ආධාර,‌‌‌‌‌‌‌‌වෙද සේවා සැපයීමටත් සහ තවත් බොහෙොමයක් අංග අතුලත් ව්‍යවසන කළමනාකරණ පද්‍ධතිය “සහන”

නමින් නිපද වන ලදී.තම රට විපතට පත් වූ මොහොතක අප රටේ පරිඝණක වෘර්තිකයන් ලෙස තම වගකීම වටහාගත් ලංකාවේ නිදහස් සහ විවෘත පරිඝණක මෘදුකාංගකරණයේ පෙර ගමන් කරුවන් සහ නියැලෙන්නන් මෙම ව්‍යයාපෘතිය රටට තිලිණ කරනලදී.මෙය නිපදවා ඇත්තේද නිදහස් සහ විවෘත පරිඝණක මෘදුකාංග පමණක්ම භාවිතාවෙනි.මෙම “සහන” ව්‍යවසන කළමනාකරණ පද්‍ධතිය අප රටේ පමණක් නොව පසුගිය 2005 වසරේ පාකිස්ථානයේ ඇති වූ භූමි කම්පාවද,තවත් රටවල් කිහිපයකටම ව්‍යවසන කළමනාකරණ පද්‍ධතියක් ලෙස භාවිතයට ගැනෙන ලදී.මේ මහගු කාර්යන් නිසා සහන ව්‍යයාපෘතිය නොයෙක් වර අන්තර් ජාතික මට්ටමේ සම්මාන වලට බදුන් විය.එයින් මෑතකදි ඇමරිකාවේ මධ්‍යස්ථානගත නිදහස් මෘදුකාංග පදනම(Free Software Foundation) විසින් “මිනිස් සුභසාධන සහ සමාජ ප්‍රතිස්ථාපන නිදහස් සහ විවෘත පරිඝණක මෘදුකාංගකරණය” යන මැයෙන් “සමාජ ස‌ත්කාරක” මෘදුකාංගයට පිරිනැමුනු සම්මානයෙන් “සහන ව්‍යයාපෘතිය” ඇගයීමට ලක් කරන ලදී.

මෙවන් වූ විජයග්‍රහණ සමගින් ඉදිරියට යන ශ්‍රී ලංකාවේ නිදහස් සහ විවෘත පරිඝණක මෘදුකාංගකරණය ජවය වසර ගනණාවක සිට ජාතික මට්ටමෙන් මෙන්ම අන්තර් ජාතික මට්ටමෙන් සංවිධානය කළ සම්මේලන,වැඩමුලු,දැනුම බෙදා දීමේ ව්‍යයාපෘති අපමණයි.ඉන් සමහරක් පහත පරිදි වේ.

  1. .ශ්‍රී ලංකාවේ ප්‍රථම අන්තර්ජාතික විවෘත පරිඝණක මෘදුකාංග සම්මේලනය -2004 (Sri Lanka First Open Source Conference)
  2. නිදහස් මෘදුකාංග දිනය (Software Freedom Day -2004)
  3. FOSSed (Lighting the LAMP)(ලිනක්ස්,අපැචි,mysql සහ php එකවර මෘදුකාංගකරණයේ යෙදවීම සහ එහි ප්‍රතිලාභ මෙහිදි අවධාරණය කෙරුණි )-2005
  4. නිදහස් මෘදුකාංග දිනය (Soft Freedom Day -2005)
  5. ආසියාවේ ප්‍රථම අන්තර්ජාතික ඇපැචි සම්මේලනය-2006 සහ සමගාමි වැඩමුලු (ApacheConf Asia 2006)
  6. සරත් සෘතුවේ ගූගල් පරිඝණක වැඩසටහන්කරණය (Google Summer of Code 2006)මෙම වැඩසටහන තුලින් දේශයේ සිසු පරම්පරාවට අන්තර්ජාතික මට්ටමේ මෘදුකාංගකරණයට අවස්ථාව ලැබෙන අතර ගූගල් ආයතනය එයට ප්‍රතිපාදන සපයයි.
  7. FOSS on Wheels (බස් රථයක නැගි නේක දුෂ්කර ගම් වලට ගොස් නිදහස් සහ විවෘත පරිඝණක මෘදුකාංගකරණ දැනුම නොමිලයේ ලබා දිම.මහනුවර,මහවිලච්චිය,බුත්තල,මොණරාගල,ගාල්ල,මාතර සහ බදුල්ල වැනි ප්‍රදේශ මෙතෙක් මේ වැඩසටහන ක්‍රියාත්මක වූ ප්‍රදේශයි.

සුපුරුදු සමාජ සත්කාර්යයේ යෙදෙමින් 2007 වසර තුල පෙළ ගැසුනු FOSS වැඩසටහන්මාලාවන් අතර ජූනි 26, 27, 28 තෙදින තුල පැවැත් වූ “FOSSed On windows” වැඩමුලුව සුවිශේෂ තැනක් ගත්තේය. Windows පරිඝණක මෙහෙයුම් පද්ධතියක් (Computer operating system) භාවිතා කරමින් නිදහස්‍ සහ විවෘත පරිඝණක මෘදුකාංග (FOSS) එය තුල භාවිතා කරන්නේ කෙසේද යන්න මෙම වැඩමුලුව ඔස්සේ පහදා දෙන ලදී. මෙම වැඩමුලුවේ දී ඔබ අනවසරයෙන් භාවිතා කරන මෘදුකාංග (pirate software)භාවිතයේ අවධානම් සහ එයින් ඔබට නිදහස් විය හැකි අයුරු සාගජ්චා කෙරුනි.

වසරක් පාසා වසර පුරාවටම පෙළගැසුනු වැසටහනකට අනුව සැම විටම අලුත් දැනුමක් එකතු කරමින් අප රටේ තොරතුරු තාක්ෂණ හා පරිඝණක ක්‍ෂේත්‍රයට මහගු සේවාවක් කරන ලංකාවේ FOSS කණ්ඩායම පිලිබද ඔබට වැඩි විස්තර www.foss.lk වෙබ් අඩවිය මගින් ලබා දෙන අතර ඔබත් ඔබේ බුද්ධිමය නිදහස ගරු කරන්නේ නම් ඔබටත් මෙම FOSS ජවයේ හවුල්කරුවෙක් විය හැක.