අපි හරි හොඳයි. මේ වතාවෙ සති දෙකක් විතරයි ප්‍රමාද වුනේ 😀
ඉතිං සිංහලෙන් ෆොස් 35 වැඩසටහනින් ඔබ වෙත ප්රවෘත්ති වලට අමතරව පොඩි කතා බහකුත් ගෙන එනවා .
මේ වැඩසටහනේ ප්‍රධානම කතා බහ Nokia, Intel එකමුතුවෙන් එන MeeGo ජංගම මෙහෙයුම් පද්ධතිය ගැනයි. මේ ගැන බොහෝ තොරතුරු සමග අපේ අදහස් වලට අමතරව තවත් විශේෂ පුද්ගලයකුගෙන් වැඩි විස්තර හරියටම අහල දැන ගන්න පුළුවන්
මීට අමතරව Samsung නව විවෘත ජංම මෙහෙයුම් පද්ධතිය එන wave දුරකථනය පිළිබඳ තොරතුරු, නිදහස් විවෘත මෘදුකාංග හොර මෘදුකාංග වලට සම කරන හොරු කල්ලියක් පිළිබඳව, උබුන්ටු ප්‍රබල වෙනස්කම් කිහිපයක් පිළිබඳව, Amazon Kindle සහ Microsoft ප්‍රේම ගීතය වගේම Twitter සහ Open Source ප්‍රේම ගීතය ගැනත් තොරතුරු අපි ඔබ වෙත ගෙන එන්නෙමු.
හිතුවද ඉවරයි කියලා? නෑ තව තියනවා. ලෝකෙ පළමු වෙනිම open source restaurant එක ගැනත් කියනවා.
යොමු සටහන් (Show Notes)
දෙමසකට වැඩි දිගු නිහැඬියාව බිඳිමින් සිංහලෙන් ෆොස් නැවතත් ඔබේ සවන් පත් අතරට.
ශාස්ත්‍රීය වැඩි උනාද මන්දා 😀 . කොහොම නමුත් ඉතිං ඔන්න ආයෙත් අපි ආවා. අලුත් ප්රවෘත්ති ගොඩක් එක්ක.
ලිනක්ස් කර්නල් එකෙන් වැඩි හරියක් දැන් ලියවෙන්නෙ මුදල් ගෙවලා?, Symbian OS එක ඔන්න කලින්ම විවෘත මෘදුකාංගයක් වෙලා. Google සමාගමේ file system මාරුව වගේම ඔවුන් Apple සමාගම අභිබවා ගිය අවස්ථාවක් ගැනත් කියනවා.
ඒවගේම Ubuntu ගැන, Lucid Lynx හෙවත් මීළඟ උබුන්ටු නිකුතුවේ එන විශේෂ වෙනස් කම් කිහිපයක් වගේම, UbuntuOne ගැන අලුත්ම විස්තරයකුත් තියනවා.
Samsung සමාගමේ විවෘත ජංගම මෙහෙයුම් පද්ධතිය, KDE වල පොඩි වෙනසක් සහ Facebook වෙතින් PHPට ලැබුනු HipHop ගැන කතා කරන්නෙ හැමදාම වගේ අමතර විස්තර ගොඩක් එක්කයි (Linusගෙ අලුත් phone එක ගැනත් ඕපාදූපයක් කියනවා :D).
Update: HipHop for PHP facebook project එක මම JIT (Just in Time) Compiler එකක් බව කිව්වේ කලින් කියවා තිබුණු තොරතුරක් අනුවයි. නමුත් එය JIT compiler එකක් නොවන බවද සටහනක් කියවන්නට ලැබුණා
එහෙනම් ඉතින් අහලම බලන්න .
යොමු සටහන් (Show Notes)
මෙවර සිංහලෙන් ෆොස් වෙතින්, ලිනක්ස් ධාවනය කරන cores සියයේ ප්‍රොසෙසරය, නව Grub නිකුතුව හ එහි විශේෂාංග, ඉන්දුනීසියානු සමාගම් ලිනක්ස් වෙත යොමු වීම, නව Android තොරතුරු සහ Motorola Droid ජංගම දුරකථනය, ලිනක්ස් පරිශීලකයන් මුදල් ගෙවීම පිළිබඳ World of Goo තොරතුරු, MySQL වලට නරක කලදසාවක්, උබුන්ටු කා(ර්)මික් කෝලා නිකිතුව ඇතුළු තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ, ශ්‍රී ලංකා රූබි පරිශීලක එකමුතුව සහ සිංහලෙන් ෆොස් අපේ අලුත්ම හඳුන්වා දීම සිංහලෙන් ෆොස් රේඩාර් පිළිබඳවද විස්තර ගෙන එමින්.
රේඩාර් පිළිබඳ වැඩි දුර තොරතුරු වැඩසටහන අතරතුරදී අසා දැන ගත හැකියි. වැඩි සුර විස්තර කියවන්න මෙතනින්.
යොමු සටහන් (Show Notes)
Ending Song by dsterry on youtube. Droid picture by tnkgrl on flickr.
මෙවර සිංහලෙන් FOSS වෙතින් ඔබ වෙත, Linus Torvalds ලිනක්ස් පිළිබඳ කියන අමුතු කතාව, මයික්‍රොසොෆ්ට් සහ ඇපල් කළ Open source හපන් කම්, ලන්ඩන් කොටස් වෙළඳ පොළටත් ග්නු/ලිනකස්, ගිමප් තනි වින්ඩෝවක, RMS – Miguel ප්රශ්නය, ධවල මන්දිරයෙත් Drupal, ඡන්දෙ දාන්නත් Open Source ඇතුළු පුවත් රැසක් ඔබ වෙත ගෙන එන්නේ නව සහ තරමක් කල් ගිය පුවත් වල මුසුවක් ලෙසයි.
කියලා වැඩක් නෑ!
මෙවර විශෙෂාංග ලෙස උබුන්ටු 9.10 RC සහ පොදුවේ ග්නු ලිනක්ස් ලෝකයේ වෙනස්කම් සාකච්ඡා කරමු.
Podcast එක අවසානයේ Drupal සිංදුව අහන්න අමතක කරන්න එපා
The voice cut of Linus Torvalds is taken from FLOSS weekly podcast episode 88.
යොමු සටහන් (Show Notes)
මෙම වැඩසටහන ඔබ වෙත ලැබෙන්නේ පටි ගත කිරීමෙන් බොහෝ කලකට පසුවයි. අපගේ කාර්ය බහුල භාවය නිසා සිදු වූ අපහසුතාවට සමා වන්න.
මෙවර සිංහලෙන් FOSS වෙතින් ඔබ වෙත, උපන්දින සුභ පැතුමෙ දෙකක්, Apache.org crack කිරීම පිළිබඳ විස්තර, නොකියා N900 ලිනක්ස් දුරකථනය, උබුන්ටු ස්ථාපනයේ වෙනස් කම් ඇතුළු උබුන්ටු තොරතුරු රැසක්, පිජින් වෙත විඩියො පහසුකම් ලැබීම ඇතුලු තවත් බොහෝ තොරතුරු ඔබ වෙත ගෙන එන්නෙමු.
යොමු සටහන් (show notes)