සිංහලෙන් FOSS විසි දෙවන වැඩසටහන අරඹන්නේ අප වැඩ සටහනට ඉතා වැදගත් මොහොතක් සනිටුහන් කරමින්. මේ පිළිබඳ අපේ දීර්ඝ කාලීන රසික ඔබ සැමගේ අදහස් විමසීමට අපි ඉතා කැමැත්තෙමු. වැඩ සටහන අසා ඔබේ අහස් අප වෙත යොමු කරන්න.

මෙවර ප්‍රවෘත්ති ලෙස Oracle සමාගම විසින් FOSS හිතවත් Sun සමාගම මිල දී ගැනීම පිළිබද ගැඹුරින් සාකච්‍ඡා කරන අතර, Ubuntu 9.04 Jaunty Jackalope පිළිබඳ වැඩි දුර විස්තර සහ Google හරහා ගෙන එන Ubuntu හපන් කම්, මයික්‍රොසොෆ්ට් / වින්ඩෝස් 7 වල FOSS සහ GNU/Linux වෙත බල පෑම, PostgreSQL නව සංස්කරණය, ලිනක්ස් නව කර්නලය පිළිබඳ තොරතුරු ඇතුළු තවත් තොරතුරු බොහොමයක් ඔබ වෙත ගෙන එන්නෙමු.

වැඩ සටහනේ ආරම්භයේදී පසුගියදා නුගේගොඩ TLC(The Linux Center) ආයතනයේ පැවැත්වුනු ෆයර්ෆොක්ස් සාදය (Firefox Party) අතරතුර පටි ගත කළ රසබර හඬ පටයක් ඉදිරිපත් කරන්නෙමු. සාදය සංවිධානයේදී මහත් දායකත්වයක් ලබා දුන් අප හිත මිතුරු සුචේත, Party pack එක අපට ගෙන්වා දුන් ළහිරු සොයුරා ඇතුළු නන් අයුරින දායකත්වය දුන් සහ එම අවස්ථාවට සහභාගී වූ සැමට ස්තුති වන්ත වෙමු.

Firefox party Photos

  • From Bud
  • More to come (if you have photos please le us know)

Part1

Part2

යොමු සටහන් (Show Notes)

Features

  • Tonido – Cloud in your home or in a little plug in your home)
This entry was posted on Monday, May 4th, 2009 at 2:59 pm and is filed under Podcast, Vidcast. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

4 comments so far

newbie
 1 

How can we watch the Vid version ?

only USCS guys hv dat?

please gv us a link

May 4th, 2009 at 10:39 pm
 2 

එල එල , ඔන්න මමත් සින්හලෙන්ම කොම්මෙන්ට් කරන්න ගත්ත සින්හලෙන්ෆොස් එකට. ට්‍රයි කරල බලමු. අදින් පස්සෙ දිගටම සින්හලෙන්ම ඔක්කොම ටික කරන්න. කොහොම උනත් අපි ගොඩක් සතුටුයි , සින්හලෙන්ෆොස් එක දිගටම, නියෙමට කරගෙන යන විදියට. ඔහොම යන්, ඔහොම යන්. අපෙ ෆුල් සප් එක ඔහෙල ඔක්කොටම. :)

May 5th, 2009 at 11:34 pm
 3 

අපිටත් වීඩියොකාස්ට් එක බලන්න දෙන්න ක්‍රමයක් නැද්ද? කොහොම උනත් වැඩේනම් නියමයි.දිගටම ඔහොම කරගෙන යමු. එල :)

May 6th, 2009 at 8:13 pm
 4 

@newbie
We’ll try to release the video version soon. I think we’ll be able to embed them to the posts once we get them.
Or maybe we’ll put them in a new site which has a more appropriate domain 😉

May 7th, 2009 at 11:43 am

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment