Archive for April 19th, 2008

දැන් ඉතිං ඔබ දන්නව ඇති සිංහලෙන් ෆොස් පොඩ්කාස්ට් කියන්නෙ මොකක්ද කියලා. ඒත් තාමත් කුතුහලයක් තියනව නම් මේ වැඩේ ගැන, මේ ලිපිය කියවලා ඒකත් නැති කර ගන්න. අපේ පොඩකාස්ට්
එකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න.

සති දෙකකට වරක් ඔබ වෙත ගෙන එන මෙහි අපි FOSS ලෝකයේ අළුත් පුවත් ගෙන එනවා. Bud, Seejay එක්ක මමත් වැදගත් පුවත් හොයලා ඒ ගැන අපේ අදහස් එක්ක තවත් ගොඩක් කරුණු අපේ දැණුම
තරමින් කියනවා. ඒකයි අපේ පුවත් වල වෙනස. ඒ වෙනසට කවුරුත් කැමති ඇති කියන එකයි අපේ විශ්වාසය. අප ඇමතූ වැඩි දෙනෙක් ඒක අගය කරලත් තිබුනා.

දෙවනුව අපි සිදු කරන්නෙ තෝරා ගත් විශේෂ මාතෘකාවක් පිළිබඳ කථා බහ කිරීම. ඒක බොහෝ විට කාටත් එක වගේ වැදගත් මාතෘකාවක් වන විදියටයි අපි තෝරා ගන්නෙ. විශේෂ මාතෲකාවක් නැතිනම් අපි
විශේෂ කෙනෙක් සමග සාකච්ඡා කරනවා.

කාලය හසුරුවා ගනිමින් අලුත් අලුත් දේ කියා දෙන්නත්, අසන්නන්ගේ ගැටළු, ඉල්ලීම් වලට පිළිතුරු දෙන්නත් අපි කටයුතු කරනවා.

මෙහෙම තමයි දළ වශයෙන් අපි යන්නෙ. ඒ ගමනට ඔබේ දායකත්වය, මග පෙන්වීම අත්‍යවශ්‍යයි. අප සමග රැඳී සිටින්න.

එකෝමත් එක කාලෙක, එක්තරා සඟරාවක දුටු ප්‍රශ්නයක් මේක. මේක කාටත් ඇතිවෙන්න පුලවන් ප්‍රශ්නයක් නිසා පිළිතුරු දෙන්න සිත් වුනා. ඇත්තටම FOSS කියන්නෙ ලිනක්ස් විතරද?

නැහැ. කොහෙත්ම නැහැ. නිදහස් සහ විවෘත මෘදුකාංග හැම තැනම, හැම දේටම තියනවා. විනඩෝස් ගත්තත් මැක් ඕ.එස්. ගත්තත් ඒවටත් නිදහස් සහ විවෘත මෘදුකාංග තියනවා. හිතන්න ජනප්‍රිය FOSS
මෘදුකාංග කිහිපයක් ගැන. ෆයර්ෆොක්ස්, ඕපන් ඔෆිස්, ගිම්ප් මේ හැම එකක්ම ප්‍රධාන මෙහෙයුම් පද්ධති 3 ටම ගැලපෙන්න නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම තමයි වෙනත් බොහොමයක් FOSS මෘදුකාංගත්.

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියෙ ඉඳන් වුනත් ඔබේ වැඩ වලට අවශ්‍ය වගේම හොඳින් ගැලපෙන FOSS මෘදුකාංග සොයා ගෙන වැඩ කරන්න පුළුවන්.වැඩිමනත් වෙලාවට ඒවා නොමිලේම ලැබෙනවා. ඔබ පරිගණක
තාක්ෂණය හොඳින් දන්නවා නම් එම මෘදුකාංග ඔබට අවශ්‍ය ලෙස වෙනස් කර ගන්නත් පුළුවන්. මොන තරම් අගේද? මේ නිදහස නිසා තමයි FOSS මේ තරම් ජනප්‍රිය.

ග්නූ/ලිනක්ස් භාවිතය වඩා වැදගත් වෙන්නෙ ඇයි? කලින් කිවුව වාසි ටික ඔබට මෙහෙයුම් පද්ධතිය පැත්තෙනුත් ලබන්න පුළුවන් ග්නූ/ලිනක්ස් එක්ක. හරිම සරලයි.

නැත්නම් ඔබේ පරිගනකය අනතුරේ! ෆයර්ෆොක්ස් සංවර්ධකයන් පවසන ආකාරයට මෙම යාවත්කාල කිරීම මගින ඉතා වැදගත් ආරක්ෂක හිදැස් ගනනාවක් පිලියම් කර ඇති අතර. ඒවා අතර තිබි ඇතැම් දොෂ ඔබෙ පරිගනකයේ අරක්ෂාවට විශාල තර්ජනයක් විය හැකිය. ඔබත් දැන්ම මැරතන්‍ දිවීම පසෙක තබා මෙම නව සංස්කරණයට යාවත්කාල කරන්න!

ග්නූ/ලිනක්ස් සහ FOSS පොඩ්කාස්ට් එකතුවක් thelinuxlink.net වෙබ් අඩවිය තුලින් ලබාගත හැක. මෙහි පොඩ්කාස්ට් පිලිබඳ කෙටි විස්තරයක් සහ ogg සහ/හො mp3 බාගැනීමට අවශ්‍ය rss feed එකට link එකක්ද ලබා දී ඇත.

පොඩ්කාස්ට් බාගැනීමට බොහෙො නිදහස් සහ නිදහස් නොවන මෘදුකාංග ඇත. උදා: ලෙස Amarok, Banshee FOSS වන අතර iTunes FOSS නොවන ඝණයට වැටේ.

එහෙත් ඉහත කී මෘදුකාංග සියල්ල GUI ඇතුලත් ඒවාය. නමුත් මේ කියන්න යන්නේ Bash නැමති shell එක උඩම දුවන පොඩ්කාස්ට් එකතුකරන script ගැනයි – එනම් BashPodder.

BashPodder හි විශේෂයක් වන්නේ එය ලියා ඇත්තේද දැනටත වැඩිම කලක සිට පවතින ලිනක්ස් සම්බන්ධව ඇති පොඩ්කාස්ට් එක වන tlls – The Linux Link Tech Show එකේ මෙහෙයවන Linc නැමෙති කෙනෙක් විසින්ය.

Shell එකෙන් පොඩ්කාස්ට් බෑමේ ක්‍රියාවලිය ඉතා පහසුවෙන් cron මගින් ස්වයං ක්‍රීයව සිදුකර ගත හැකිවීම තවත් වාසියකි. ඒ සඳහා මෙම උපදෙස් යොදාගන්න:

$ mkdir podcasts
$ cd podcasts
$ wget http://lincgeek.org/bashpodder/bashpodder.shell
$ chmod +x bashpodder.shell
$ wget http://lincgeek.org/bashpodder/parse_enclosure.xsl
$ wget http://lincgeek.org/bashpodder/bp.conf

දැන් ඔබ කැමති පොඩ්කාස්ට් වල rss feeds ටික bp.conf තුලට ඇතුලත් කරන්න. එච්චරයි! අවශ්‍ය විට bashpodder.shell දුන්න

$ ./bashpodder.shell

ඉහත සඳහන් පරිධි cron එකක් මගින් දිනකට වරක් ඉබේම දුන්න පවා එය මෙලෙස යොදා ගත හැකිය.

$ crontab -e
22 4 * * * /home/bud/podcasts/bashpodder.shell

මෙවිට සෑමදාම උදේ 4:22 ට අලුත් episodes බා ගනු ඇත. වැඩි විස්තර සඳහා BashPodder වෙබ් අඩවිය බලන්න.

Page 5 of 7« First...34567