19
Apr

මවුන්ට් කරමුද?

   Posted by: chanux   in Blog

මවුන්ට් කරන එක ප්‍රෂ්ණයක් වෙලා තිබුනද?, මවුන්ට් කරන්න ගිහින් ග්නූ/ලිනුක්ස් තිත්ත උනාද?, “මවුන්ට් නං ඕන්නෑ”ද? ඔය ඔක්කොටම බේත මං ගෙනාවා.

නිකම්ම නිකං මවුන්ට් කරන්න…
mount /path_to_device /path_to_directory

උදා: mount /dev/hda1 /media/hda1

මෙහි /dev/hda1 යනු උපාංගයේ පෙතයි(path). SATA දෘඩ තැටි හෝ USB Flash ධාවක සඳහා මෙය sda0,sda1…,sdb1,sdb3 ආදී වශයෙන් පැවතිය හැක.
CD-ROM ධාවක සඳහා cdrom0.. ආදී ලෙසද පැවතිය හැක. මෙම අංකනය ඔබ අධ්‍යයනය කළ යුතුය.
මේ පිළිබඳ අදහසක් ලබා ගැනීමට cat /etc/fstab යන්න විධාන රේඛාවේ සටහන් කර බලන්න.

මෙහි /media/hda1 යනු මවුන්ට් වන ස්ථානයයි. එය විවිධ ලිනක්ස් මෙහෙයුම් පද්ධති අනුව් වෙනස් විය හැක. ඔබට අවශ්‍ය නම් ඔබට කැමතී කවරයක(folder) පෙත මීට ලබා දිය හැක.

අන්මවුන්ට් කරන්න…
unmount /path/to/device

මෙහි /path/to/device යනු උපාංගයට පෙතයි.

ලිවීමේ හැකියාව සමග නැවත මවුන්ට් කිරීමට…
mount -o rw,remount /path_to_device

මෙය කිරීමට සිදු වන අවස්ථාද කලාතුරකින් හෝ එළඹේ.

.iso ගොනුවක් මවුන්ට් කිරීම…
mount -t iso9660 -o loop /path_to.iso /path_to_directory
mount -t iso9660 -o ro,loop=/dev/loop0 /path_to.iso /path_to_directory

මෙහි /path_to.iso යනු ඔබට මවුන්ට් කිරීමට අවශ්‍ය .iso ගොනුවේ පෙතයි. /path_to_directory යනු ඔබට එය මවුන්ට් කිරීමට අවශ්‍ය කවරයයි.
ඉහත දෙවනුව් දක්වා අති විධානයෙන් ලිවීමේ හැකියාව නොමැතිව මවුන්ට් කළ හැක.

ලිනක්ස් හිදී ඔබට .iso ගොනු බොහොමයක් භාවිත කිරීමට සිදු වනු ඇත. එනිසා මෙය ප්‍රගුණ කරන්න.

ඔබ සතු CD/DVD මගින් .iso ගොනු සාදා ගන්නා අයුරු පසුව කියා දෙන්නම්.
එතෙක් ඔබේ මතකයට…Chanux හොර වෙදෙක් නෙමෙයි….

This entry was posted on Saturday, April 19th, 2008 at 12:56 am and is filed under Blog. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

One comment

 1 

[…] මතක ඇති. නැත්තං දැං වත් ගිහින් බලන්න මෙන්න සබැඳිය. පෙර ලිපියෙන් පොරොන්දු වූ පරිදි මෙන්න […]

April 19th, 2008 at 1:39 am

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment