“නිදහස් මෘදුකාංග” යන්න ඇසූ පමනින් ඔබේ මනස දෙලොවක අතරමං වේද? නැති නම් ලෝක කිහිපයක?.අද සිට සියලු දුර්මතයන් අමතක කර දමන්න මෙය කියවන්න.

විවෘත කේත මෘදුකාංග යන්න බොහෝ අය බොහෝ විට නිදහස් මෘදුකාංග සමග පටලවා ගනී. නමුත් විවෘත කේත මෘදුකාංග සහ නිදහස් මෘදුකාංග යන්න හාත්පසින් වෙනස් මතෘකා දෙකකි.
රිචඩ් එම් ස්ටෝල්මන් 80 දශකයේ මුල් භාගයේ ග්නූ ව්‍යාපෘතිය ඇරඹීමත් සමග නිදහස් මෘදුකාංග යන්න කරලියට පැමිනුණි. ඔහුගේ වෑයම වූයේ සම්පූර්ණයෙන්ම නිදහස් මෙහෙයුම් පද්ධතියක් නිරමාණය කිරීමයි. එය
යුනික්ස් මෙහෙයුම් පද්ධතියේ ආරට යමින් නිර්මාණය වීය. GNU යන්නෙහි අරුත Gnu is Not Unix හෙවත් ග්නූ යනු යුනික්ස් නොවේ යන්නයි. මේ සමගම එලි දැක්වුනු GPL(General Public Licence) යන්න
නිදහස් මෘදුකාංග ආවරණය සඳහා හඳුන්වා දෙන ලදී.

නිදහස් මෘදුකාංගයක තිබිය යුතු ගුණාංග 4කි.
Freedom 0 : The freedom to run the program a you wish.
නිදහස 0: වැඩසටහන කැමති පරිදි භාවිත කිරීමේ නිදහස.
Freedom 1 : The freedom to study the source code and changing it to do what you wish.
නිදහස 0: ප්‍රභව කේතය අධ්‍යයනයට සහ වෙනස් කිරීමට නිදහස.
Freedom 2 : The freedom to make copies and to distribute to the others.
නිදහස 0: මෘදුකාංගය පිටපත් කිරීමේ සහ අන් අයට ලබා දීමේ නිදහස.
Freedom 3 : The freedom to publish or, more generally, distribute modified versions.
නිදහස 0: වෙනස් කරන ලද මෘදුකාංග පිටපත් බෙදා හැරීමේ නිදහස

කිසියම් මෘදුකාංගයක් නිදහස් මෘදුකාංගයක් වීමට ඉහත සියලු ලක්ෂණ දැරිය යුතුය.

විවෘත කේත මෘදුකාංග යන්න ලෝකයට බිහි වූයේ 1998 දීය. බෲස් පෙරන්ස් සහ එරික් එස් රේමන් මූලිකත්වයෙන් මෙය ඇරඹුනේ Netscape communicator විවෘත කේත මෘදුකාංගයක් බවට පත් කරමිනි.
කෙසේ වෙතත් මේ වන විට විවෘත කේත මෘදුකාංග ඉතා ජනප්‍රිය වී ඇත. එම නිසා මේ දෙක අතර මැද මාවතක් තෝරා ගනිමින් ඒ දෙක පිළිබඳවම කතිකා කිරීමේ පහසුවට “නිදහස් හා විවෘත කේත මෘදුකාංග”
යන යෙදුම අද අපි “සිංහලෙන් ෆොස්” තුළ භාවිත කරමු.

This entry was posted on Saturday, April 19th, 2008 at 1:10 am and is filed under Blog. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment