ඔබ ලිනක්ස් ගැන අසා ඇති නමුත් තවමත් එයට යොමුවීම උචිත දැයි සිතමින් ඉන්නවා නම් මෙම ලිපියෙන් උපවහලක් වේ යැයි සිතමි.

ඔබ පරිගණක සමග අත්හදා/සොයා බැලීම් කිරීමට කැමති අයෙකු නම් ලිනක්ස් පද්ධතිය ඉතා ප්‍රයෙොජනවත් වනු ඇත. මෙයට ප්‍රධාන හේතුව නම් එය විවෘත මෘදුකාංග (Open Source) වීම. එනම් ඔබට OS එය ක්‍රියාත්මක වන අන්දම හැකිපමණින් අධ්‍යයනය කළ හැක.

තවත් වාසියක් නම් එය අනිකුත් විධායක පද්ධතිමෙන් නොව, ඉතා වැඩියෙන් සුසර (customize/tune) කළ හැකි වීමයි. ඒකියන්නෙ ඔබට සවරයක් දිවීම සඳහා GUI අවශ්‍ය නැති නම්, එය off කළ හැක. ඔබට 3D game එකක් සෙල්ලම් කිරීමේදී එය සඳහා උපරිම RAM ලබා ගැනීමට අඩු බරැති Window manager, එනම් gui පද්ධතියක් දිවිය හැක. මෙලෙස ඔබේ වැඩේට සරිලනසේ පුදුමාකාර ලෙස ලිනක්ස් සුසර කර ගත හැකිය.

ලිනක්ස් වල දක්නට ලැබෙන තවත් වාසියක් නම් ඉතා ඉක්මනින් එය දියුනු වීමයි. අවුරුදු 5ක් වැනි කාලයක් බලා සිටිනවා වෙනුවට, දින, සති හෙො මාස කිහිපයක් ඇතුලත ලිනක්ස් සෙමින් සෙමින් වැඩි දියුනුවට පත් වේ. මේ නෙසා ලිනක්ස් භාවිතා කරන බොහො දෙනා අශාවෙන් අනාගතය දෙස බලා සිටින ආකාරයක් දැක ගත හැකිය.

ඉතින් ඔබත් ජීවිතයෙන් අලුත් දේවල් වලට කැමති නම්, එසේම කම්මැලි නැතිව පරිගණක ගැන ගවේශණය කිරීම කැමති නම්, එසේත් නැතිනම් එය තමන් කැමති ආකරයට සුසර කිරීමට කැමති නම්, ඔබේ ඊලඟ OS එක ලිනක්ස්ම විය යුතුය.

This entry was posted on Friday, April 18th, 2008 at 8:26 pm and is filed under Blog. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

2 comments so far

srimal
 1 

මීට අමතරව ‘සජීව සංයුක්ත තැති’ (Live CDs) ඇති නිසා, නවකයින්ටද ඉතා පහසුවෙන් මෙය අත් හදා බැලිය හැක.

April 18th, 2008 at 8:36 pm
~ශ්‍රීමාල් ජයවර්ධන~
 2 

‘සජීව සංයුක්ත තැති’ (Live CDs) භාවිතයේදී
පවත්නා මෙහෙයුම් පද්දතියට කිසි හානියක් නොවීම ලොකු දෙයක් :)

April 18th, 2008 at 8:38 pm

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment