18
Apr

කවුද සූ කිව්වෙ?

   Posted by: bud   in Blog

ඕනෑම ක්‍රියාකාරී පද්ධතියක ඇති ලක්ෂණයක් ලෙස (සුපිරි)super user හෙවත් administrator හෙවත් root user දැක්විය හැක. මෙහෙදි සාම්ප්‍රදායක ලෙස unix පද්ධති වල තිබුනේ root user නැමති සුපිරිවන්තයායි. එනම් root ට අලුත් user ලව එකතු කිරීම, නව මෘදුකාංග එකතු කිරීම, ඕන නැති පැකේජ ඉවත් කිරීම වැනි දේ කළ හැක.

ඔහුගේ මේ විධායක බලතල නිසා ඔහුගේ මුර පදය (password) වැඩි දෙනෙක් අතර නොයවා, විශ්වාස ස්වල්ප දෙනෙක් අතර තබා ගැනීමෙ සම්ප්‍රදායක් තිබුනේය. තවද මෙම බලතල නිසා වැරදීමකින් සිද්ධවිය හැකි දෙොෂ මග හරවා ගැනීම සඳහා root user වෙනුවට, සාමන්‍යය user කෙනෙක් ලෙස ඇතුලත් වී, su විධායකය මගින් root user භාවය ලබා ගත හැක.

මෙහෙදී අප

$ su

කිව්වොත් root වන නමුත් root ගේ සැබෑ පරිසරය (environment) එක නොලැබෙන නිසා ඇතැම් විධායකයන්, path ප්‍රශ්න නිසා වැඩ නොකිරීමට බොහො ඉඩ ඇත. එම නිසා වාඩාත් උචිත වන්නේ:

$ su –

යොදා ගැනීමයි.

su මගින් root විතරක් නොව, වෙනත් ඕනෑම shell user කෙනෙක් විය හැක.

$ su – bud
Password:

එමනිසා ඔබ මග තොට යෑමේදී සු .. සු ඇසුනොත්, පොඩ්දක් ලිනක්ස් සවරයක් තිබේ දැයි වටපිට බලන්න!

This entry was posted on Friday, April 18th, 2008 at 11:22 pm and is filed under Blog. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment