4
Feb

ජීවිතයට නවෝදයක් !

   Posted by: lakwarus   in Blog

ලක්මල් වරුසවිතාන

රටක්‍ වශයෙන්‍ නිදහසේ 60 වන ජයන්‍තිය සමරන මෙම මොහොතේ, ඔබ මෘදුකාංග ක්ෂේත්‍රය තුල කුමන නිදහසක්‍ භුක්ති විදීදැයි සිතුවාද? එසේ නැතහොත්‍ ඔබ නොදැනුවත්‍ම කොපමණ ගැති බා‌වයකට පත්‍ව ඇද්‍දැයි ඔබ දන්නවාද?

සිංහලෙන්FOSS Blog අඩවියේ මාගේ මුල්‍ම ලිපියෙන්‍ ඒ ගැන කෙටි සටහනක්‍ තබන්න මම සිතුවෙමි. FOSS යන ඉංග්‍රීසි කෙටි නාමයෙන් අදහස් කරනුයේ “නිදහස් හා විවෘත මෘදුකාංග” යන්නයි. වැඩි පැහැදිලි කිරීමක් කළහොත් “නිදහස් හා විවෘත මෘදුකාංග” ලබා ගන්නාට (පරිහරණය කරන්නාට) එම මෘදුකාංග ගැන අධ්‍යනය කිරීමට, වෙනස්‍ කිරීමට හා වැඩිදියුණු කර භාවිතයට සම්පූර්ණ අයිතිය ලැබෙන අතර, ඒ සදහා අවශ්‍ය Source code ද ලැබෙනවා ඇත.

නමුත් නොදැනුවත්ම ඔබ බොහෝ දුරට භාවිතා කරනුයේ “නිදහස් හා විවෘත මෘදුකාංග” නොවෙ. උදාහරණයක්‍ ලෙස ‌Microsoft Windows Operating System (windows xp, windows vista), Microsoft office, Adobe Photoshop යන ආදී නිදහස් හා විවෘත නොවන මෘදුකාංග ඔබ භාවිතා කරනවා ඇත. මෙමගින් ඔබගෙ නිදහස කොතෙක් සීමා වී ඇදැයි ඔබ දන්නවාද?

මෙය සරලව පැහැදිලි කිරීම සදහා, අපගේ එදිනෙදා ජිවිතයෙදී ගත හැකි උදාහරණයක්‍ සලකා බලමු. ඔබ නිමි ඇදුමක්‍ මිලදී ගෙන, එය ඔබට දිගෙන් වැඩි යැයි සිතමු. එවිට ඔබ කරනුයේ, ඔබ විසින් හෝ වෙන කෙනෙකු (ටේලර් වරයකු) ලවා නියමිත ආකාරයට එය හරිගස්සවා ගැනිමයි. මන්ද ඒ සදහා ඔබට පූර්ණ අයිතිය ඇත. නමුත්‍ ඔබ නිදහස් හා විවෘත නොවන මෘදුකාංගයක්‍ මිලදී ගෙන, භාවිතය සදහා එයට කිසියම්‍ වෙනසක් කිරීමට අවශ්‍ය වුවත්, ඒ සදහා ඔබට හෝ වෙනත් කෙනෙකුට දැනුම ඇතත්, නීතියෙන් ඔබට අවසර නැත. එනම් ඔබ යම්කිසි ගැති භාවයකට පත්ව ඇත.

නමුත් “නිදහස් හා විවෘත මෘදුකාංග” භාවිතයෙන් ඔබට ලබා ගතහැකි ප්‍රයොජන අතිමහත්‍ය. ඒවා ලබා ගැනීම සදහා අවශ්‍ය දැනුම හා තොරතුරු සිංහලෙන්‍ ලබාදීම සදහා මෙම http://sinhalenfoss.wordpress.com Blog අඩවිය සැකෙසෙනු ඇත.

ඔබට නිදහස් හා සාමයෙන් පිරුණු හෙට දිනයකට ආසිරි…!

Tags:

This entry was posted on Monday, February 4th, 2008 at 8:37 am and is filed under Blog. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

One comment

heshan
 1 

thanks lot

May 19th, 2012 at 3:00 am

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment